Colombo Today Local News

2025දී ආර්ථිකය සුබ අතට

මෙරට ආර්ථිකය 2025 වසරේ දී සුබදායී තත්ත්වයකට පත්වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරි වැඩපිළිවෙළ සහ මෙරට ආර්ථික සැලසුම් සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ දී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

මහ බැංකුවේ අධිපතිවරයා පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්නා වැඩපිළිවෙළේ තෙවැනි සමාලෝචනය මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට සාර්ථකව එළඹීමට හැකිව තිබෙන බැවින් රජය ඉදිරිපත් කරන අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සම්මත කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ලැබිය යුතු මුදල ඉතා ඉක්මණින් ලබාගැනීමට හැකිවනු ඇති බවයි.

මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණ තිබෙන බව පෙන්වාදුන් ඒ මහතා වසර දෙකක කාලයක් පුරා පවත්වාගෙන ගිය රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ අවසන් අදියරට පැමිණ තිබෙන බව ද මේ වන විට ණයහිමියන් සමඟ මූලික එකඟතාවන්ට පැමිණ තිබෙන බව ද පැවසීය.

Related posts

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායකට ඇමැරිකාවෙන් ඉහළම සම්මානයක්

colombotoday

මහාචාර්ය චන්දිම ජීවන්දර ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයන් හය දෙනා අතරට

Admin

කිතුල් ආශ‍්‍රිත නිෂ්පාදනයන් සදහා වෙනම රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට ජනපතිගෙන් උපදෙස්

colombotoday

අන්තර්ජාලයෙන් ගණිකා වෙළඳාම කළ Lanka-Ads නැවතුනේ මෙහෙමයි.

colombotoday

සම්බන්ධන් කඩා පැනීම ගැන පොලිස් පරීක්ෂණවලට සහය නොදෙන්නැයි හමුදා නිලධාරීන්ට ඉහළින් නියෝග !

colombotoday