Colombo Today Local News

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි කැඩේ

රුපියල් බිලියන දෙකකට ආසන්න මුදලක් වැයකොට මාස දෙකකට පමණ ඉහත දී සම්පූර්ණ අලුත්වැඩියාවක් කර නැවත පණගැන්වූ සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින කිහිපයකට නැවත අකර්මන්‍ය වී ඇතැයි වාර්තා වෙයි.

යළිත් පිරිපහදු කටයුතු අරඹා ක්‍රියාත්මක වන අතරේ බොයිලේරුවලට ජලය සපයන නළයක ඇති වූ පිපිරුමක් නිසා යළිත් වසා දැමීමට සිදුවී ඇත.

පසුගිය සති අන්තයේ සිට ඊයේ (21) වනතුරු පිරිපහදුව යළි ක්‍රියාත්මක නොවුණු බව එහි සේවකයෝ පවසති.

ජාත්‍යන්තර සම්මනතයට අනුව පිරිපහදුව වසර දෙකකට වරක් සම්පූර්ණ අලුත්වැඩියාවට ලක් කළ යුතු අතර රක්ෂණාවරණයට ලබාගැනීමට එය අනිවාර්ය වෙයි.

ජුලි 15 වැනිදා සිට අගෝස්තු 24 දක්වා මෙවර සම්පූර්ණ අලුත්වැඩියාව කළ අතර එම කාල සීමාව තුළ සම්පූර්ණ පිරිපහදුව නතර කර තිබිණි.

Related posts

සති 2ක් තුළදී විදෙස් සංචාරකයින් 2500ක් දිවයිනට..

colombotoday

යාපනය – මනල්කාඩු ප්‍රදේශයේ ආරක්ෂාව තර කරයි.. පොලිස් විශේෂ කාර්ය බළකාය කැදවයි !

colombotoday

සංදර්ශන නවතා උගන්ඩාවේ සඟවා ඇති මුදල් ගෙන එන ලෙස දන්වයි

Admin

අමාත්‍යංශ 28ක ලේකම්වරුන්ගේ නම් ගැසට් කෙරේ…

colombotoday

මොන බ-ල්ලා බිරුවත් අපේ ගමන අපි යනවා

Admin

මීගමු මුහුදේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් නාවික හමුදාව වටලයි

colombotoday