Colombo Today Local News

මේ අන්තිම පාර ආපහු නම් හාල් ඇටයක්වත් පිටරටින් ගේන්නේ නෑ

දැනට වගා කටයුතු ආරම්භ කර ඇති මහ කන්නයේ අස්වනු නෙළීමෙන් පසු සහල් ඇටයක්වත් පිටරටින් ආනයනය නොකරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පවසයි.

“හාල් පිටරටින් ගෙන්වන්නෙ මොකද, මේ ප්‍රශ්නෙ විසඳන්න අපි සෑහෙන උත්සාහයක් ගත්තා. අපි ආණ්ඩුව ගන්නකොට රජයේ ගබඩාවල වී ඇටයක්වත් තිබ්බෙ නෑ. කලින් ආණ්ඩුව ගිය කන්නයේ වී ඇටයක්වත් මිලදී ගත්තෙ නෑ සහ තිබුණු වී ටික රුපියල් 50ක් රජයට පාඩු තියාගෙන වික්කා. මේවාට අදාළව පරීක්ෂණ අපි අනිවාර්යයෙන් පටන් ගන්නවා.

අපි ආණ්ඩුව ගන්නකොට මහ කන්නය පටන්ගෙන. මහ කන්නය පටන් ගන්නෙම ගොවියා යල කන්නයේ අස්වනු විකුණලා. එහෙම නම් ගොවියා ළඟත් වී නැහැ. එතකොට එහෙම නම් වී තියෙන්නෙ කවුරු ගාවද, හාල් තියෙන්නෙ කවුරු ගාවද ? අතරමැදියා සහ මහ මෝල් හිමියෝ ළඟ.

එතකොට ඒගොල්ලොත් එක්ක සාකච්ඡා වට කිහිපයක් කළා. ජනාධිපතිවරයාම මේකට පෞද්ගලිකව මැදිහත් වුණා. මේක බේරාගන්නම බැරිනම්, මේක ඇතුළෙ පිනුම් ගහන්න ලෑස්ති වෙනවා නම් මේක මට්ටු කරන්නත් අපට ක්‍රියාමාර්ග ගන්න වෙනවා. කොටින්ම ගත්තොත් අපි ජනතාවට සහතික වෙනවා ලබන දැන් මේ කන්නයේ අස්වනු නෙළන්න පටන් ගත්තාට පස්සෙ වී ගබඩා අපි පුරවනවා. මේ ප්‍රශ්නෙ බේරනවා.

ඒ වගේම තමයි හාල් ප්‍රශ්නය ඇති වෙන්න අපි ඉඩ තියන්නෙ නෑ. අනිවාර්යයෙන්ම මේ කන්නෙන් පස්සේ අපට හාල් ඇටයක්වත් පිටරටින් ගේන්න අවශ්‍ය වෙන්නෙත් නෑ. සංචාරක කර්මාන්තයට අදාළ හාල් ටික ගේන්න වෙනවා, එහෙම නැතිව හාල් ගේන්න වෙන්නෙ නෑ.”

Related posts

හතළිස්‌ වසරක්‌ දළදා කරඬුව වැඩම වූ මාළිගාවේ ඒකදන්තයා මියයයි (Photo)

colombotoday

ජවිපෙ විරෝධතා පා ගමන ට බිත්තර ප්‍රහාරයක්

colombotoday

මහේස්ත්‍රාත්වරියකට බරපතළ වැඩ සහිතව සිර දඬුවමක්

Admin

ජාත්‍යන්තරයට ගිහින් මුසාවාදා කියන්නේ නැතුව මැතිවරණය තියන්නැයි සජිත් ආණ්ඩුවට අභියෝග කරයි

colombotoday

පැය 12ක මෙහෙයුමකින් 1563ක් අත්අඩංගුවේ

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 190 දක්වා ඉහළට

colombotoday