Colombo Today Local News

බිත්තරයක් 65 සීමාවට?

බිත්තරයක මිල රුපියල් 60ක් 65ක් අතර ඉහළ යන ලකුණු පෙන්නුම් කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසයි.

“සත්ව ආහාර නිෂ්පාදනයට අපි සියයට 20ක් හුණු සහල් භාවිත කරද්දී රයිස් පොලිස් සියයට 30ක් භාවිත කරනවා. ඒ වගේම දැන් වන විට සහල් පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට වඩා සත්ව ආහාරවලට රයිස් පොලිස් හා හුණුසහල් ඉල්ලුම වැඩිවෙමින් තියනවා.

ඒ වගේම සහල් වැඩි වශයෙන් එතනෝල් නිෂ්පාදනයට මහා පරිමාණයෙන් ඉල්ලනවා. හේතු රැසක් නිසා මේ දිනවල සහල් මිල ඉහළ යනවා. ඊට සමගාමීව කැඩුණ සහල් නැත්තම් හුණුසහල් මිලත් තුන්ගුණයක් පමණ ඉහළ යමින් තියනවා. ඒ හේතුවෙන් රුපියල් 150ට නිෂ්පාදනය කළ කෑම කිලෝවක් මේ වන විට රුපියල් දෙසීයේ සීමාව ආසන්නයටම ඇවිල්ලා.

බිත්තරවලින් ස්වයංපෝෂිතව තිබුණ රටක බිත්තර කෝටියකට ආසන්න දෛනික නිෂ්පාදනයක් තිබුණා. සත්තු දහසක් හදන්න ගොවියෙකුට රුපියල් ලක්‍ෂ 30ක් පමණ යනවා.එහෙව් ගොවියොත් අද බිත්තර දාන සත්තු මසට විකුණන්න සූදානමක් තියනවා කරගන්න බැරිව. ඒ නිසා මස් කිලෝවක මිලත් පහළ වැටෙමින් තියන්නෙ. අද නිෂ්පාදන වියදම මේ හේතු සියල්ලම නිසා රුපියල් 38ක් පමණ වෙද්දි ගොවියාට දෙන්නෙ රුපියල් 30ත් 31ත් අතර රුපියල් 7ක පමණ පාඩුවක් දරමින්.

මේ හේතුවෙන් මහා පරිමාණ ගොවීන් ක්‍ෂේත්‍රයෙහි රැඳිලා මධ්‍ය හා කුඩා පරිමාණයේ ගොවීන් ගොවිපළවල් අත්හරිනවා. එහෙම වුණොත් නත්තලට රුපියල් 60 සීමව ඉක්මවෙලා බිත්තර මිල ඉහළ යයි.අපි ජනාධිපති තුමාට ආරාධනා කරනවා මේ ග්‍රාමීය කර්මාන්තය රැකගන්න. නැත්තම් මේ බිත්තර ලොකු දායකත්වයක් දීලා මන්ද පෝෂණය තුරන් වෙමින් යන රටේ යළිත් බිත්තර බිල්ලන් මවලා කොමිස්වලට බිත්තර ආනයනයට සැරසේවි.”

Related posts

පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීමට උපදේශක කමිටුවක් පත් කරයි

colombotoday

පාසල් සිසුනුත් සටනට කැදවයි.. හමුදාවට ඉවත් වෙන්නැයි බලකරමින් උතුරේ උද්ඝෝෂණ

colombotoday

රජයේ සියළු බදු එකතු කිරීම විදෙස් සමාගමකට පවරයි !

colombotoday

ලංකාව – මාලදිවයින අතර සහයෝගීතා ගිවිසුමකට එළඹීමට අනුමැතිය

Admin

සමිදුනි වැරදි අවබෝධය ගැන දහස්වාරයක් සමාව අයදිමි, ඔබ වහන්සේ පැවසූ සියල්ල ඇස් පනාපිට සත්‍ය බව ඔප්පු වී හමාරය…

colombotoday

TNA විරෝධයෙන්, ඔඩ්ඩුසුඩාන් පොලීසිය විවෘත කිරීම නවතී

colombotoday