Colombo Today Local News

මාලිමාව උතුරේ පක්ෂ සමඟ රහස් සාකච්ඡා

බහුතර බලයක් ඇති පාර්ලිමේන්තුවක් ගොඩනැඟීම පිළිබඳ උද්ගතව ඇති සැකය හේතුවෙන් මේ වන විට ජනාධිපති අනුර දිසානායක මහතා හවුල් ආණ්ඩු පිහිටුවීම පිළිබඳව උතුරේ දමිළ පක්ෂ හා මුස්ලිම් පක්ෂ සමඟ සාකච්ඡා කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බව සජබ මහනුවර කණ්ඩායම් නායක තිස්ස අත්තනායක පවසයි.

මහනුවරදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ මේ වන විට මාලිමා පාලනය පිළිබඳ ජනතාවගේ විශ්වාසය ක්‍රම ක්‍රමයෙන් බිඳ වැටෙමින් පවතින බවය. වැඩිදුරටත් අදහස් පළ කළ හෙතෙම එහිදී මෙසේද කීය.

අද රටේ පවතින දේශපාලන තත්ත්වය ඉතාමත් අවිනිශ්චිතයි. සති හයක ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය ක්‍රමක්‍රමයෙන් බිඳ වැටෙමින් පවතිනවා. ඒ කියන්නේ ඉදිරි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය කාටවත් ගන්න බැරි බවයි. ඉදිරියේදී සමබර පාර්ලිමේන්තුවත් තමයි බිහිවෙන්නේ. ඒක ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලයෙන් මොනවට පිළිබිඹු වුණා. කාටහරි තුනෙන් දෙකේ බලයක් හෝ ඊට වැඩි බලයක් ලැබෙනවා නම් ඒක ඉතාමත් භයානක තත්ත්වයක්. ඒකාධිපති පාලනයකට වුණත් යන්න පුළුවන්.

මේ රටේ ජනතාවගේ මූලික ප්‍රශ්න ටිකවත් විසඳන්න බැරි බව මේ තාවකාලික ආණ්ඩුව දැන් ඔප්පු කරලා තියෙනවා. මේ අය කිසිම සැලසුමක් නැතිවයි බලයට ආවේ. ඒ අය වේදිකාවල හැමදෙනාම විවේචනය කර කර හිටියා මිසක් රට ඉදිරියට ගෙන යන ක්‍රමයක් ගැන සැලසුමක් තිබුණේ නෑ. එයාලා ආපු ගමන් ඉන්ධන මිල අඩු කරනවා කීවා. විදුලි බිල අඩු කරනවා කීවා. නමුත් එකක්වත් කීව විදිහට වුණේ නෑ. මේ අය දැන් ඉදිරි වසර සඳහා අය – වැයක් ඉදිරිපත් කිරීමේ බරපතළ ගැටලුවකට මුහුණ දීලා ඉන්නවා. දැන් 2027 වසරේ ඉඳලා ණය ගෙවන්න පටන් ගන්න ඕනේ. මේ රට බංකොලොත් වෙලා. සංවර්ධන කටයුතු නැවතිලා. ජනතාවට සහන දෙන්න ඕනේ. මේවා කරන්න කිසිම සැලසුමක් නෑ. වේදිකාවල කෑගහනවා වගේ ලේසියෙන් මේවා කරන්න බෑ.

සිල්ලර බඩු කඩයක්වත් නොකරපු අයට ආණ්ඩුවක් කරන්න පුළුවන්ද? ඕනම දේකට පළපුරුද්ද ඕනේ. අපේ නම් අදහස පළපුරුදු මන්ත්‍රිවරු කිහිපදෙනෙක්වත් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කියන එකයි. ඔක්කොම අලුත් මුහුණු දාගෙන කියන විදිහට කරන්න බෑ. අද රනිල් වික්‍රමසිංහ නැවතත් කරළියට ඇවිල්ලා ඉන්නේ සජබ ඡන්ද ටික කඩන්නයි. ඒ හැර එයාට වෙන අරමුණක් නෑ. ඕනෑම මැතිවරණයක තුන්වැනියෙක් එනවා කියන්නෙ ඡන්ද කඩන්න කරන කොන්ත්‍රාත්තුවක් තමයි. අද එයා ඒක තමයි ඉටුකරමින් ඉන්නේ.

Related posts

බුදු පිළිම සංහාරය ගැන බොදු බල සේනාවෙන් නිවේදනයක්…

colombotoday

ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණයට ටෙන්ඩර් කැඳවයි

Admin

රන්ජන්ගේ ප්‍රජා අයි­තිය වසර 11කට අහි­මියි | මහා­චාර්ය නීතිඥ ප්‍රතිභා මහා­නා­ම­හේවා

colombotoday

එක්නැලිගොඩ නඩුවට සිරගත කළ, කර්නල් ශම්මි කුමාරරත්න යළි සේවයේ පිහිටුවයි

colombotoday

බන්ධනාගාර කිහිපයකට යළිත් STF ආරක්ෂාව

colombotoday

කොල්ලුපිටියේ අනතුරින් විපතට පත්වූවන්ගේ පවුල් වලට ලක්ෂ 5ක වන්දියක්

Admin