Colombo Today Local News

ඩයනාගේ පාස්පෝර්ට් නඩුවට වුන වැඩේ

ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත් බවට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව පවරා ඇති නඩුව, ජනවාරි මාසයේ නම වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ දිනයේ දී නියෝග කළේ ය.

2004 වසරේ ඔක්තෝබර් නමය සහ දෙසැම්බර් එක අතර කාලයේ සාවද්‍ය තොරතුරු ලබා දී ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම ඇතුළු චෝදනා තුනක් යටතේ හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබුණි.

බ්‍රිතාන්‍ය ජාතික පුරවැසිනියක ලෙස සිටිමින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් 2021 වසරේ දී ඩයනා ගමගේට එරෙහිව අධිකරණය හමුවේ බී වාර්තාවක් ඉදිරිපත් කළේ ය.

එහි ප්‍රතිඵලයක් ලෙස ඩයනා ගමගේ ට ඇගේ මන්ත්‍රී ධූරය අහිමි විය.

Related posts

සියඹලාණ්ඩුවේ පාසල් බස් රථයක් පෙරලී 36 දෙනෙකු ට තුවාල

Admin

විසර්ජන පනතට කතානායක අත්සන් තබයි

Admin

නීතිවිරෝධී සංක්‍රමණිකයෝ 35ක් පානදුර මුහුදෙදී අත්අඩංගුවට

colombotoday

අද දවල් සිට ගෑස් බෙදා හැරීමේ ඇරඹේ – ලිට්‍රෝ

colombotoday

හිටපු නායකයකුගේ පිළිමයක් හදන්න හම්බන්තොට එජාප ඇමති අමාත්‍යාංශයෙන් මුදල් වෙන්කරගනී

colombotoday

කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයට එරෙහිව උද්ඝෝෂණය කල පිරිස් අත්අඩංගුවට !

colombotoday