Colombo Today Local News

රට පුනරුදය කරා කැඳවන යුගය අරඹා අවසන්

කඩා වැටුණු රට යළි පුනරුදය කරා කැඳවන යුගය මේ වන විට ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඊයේ (03) බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ, මෙම ගමන කිසිවෙකුටත් වැළකිය නොහැකි බවත් රට ගොඩනැගීම සඳහා වන සැලසුම් රැසක් මේ වන විට සකස් කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

“අපේ රට අපි ඩිජිටල්කරණය කරන සැලැස්ම සකස් කර තිබෙනවා. මෙතෙක් ලංකාවට වැඩිම සංචාරකයින් ආපු වසර බවට අපි 2025 වසර පත්කරනවා. අපේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කරනවා. ගුණයහපත්කමෙන් පිරිසිදු, විනයෙන් පිරිසිදු, නීතියට අනුගත වෙන රට පුරා අඩුම තරමේ, පිරිසිදු වැසිකිළි පද්ධතියක් නැති රටක් මේක… පිරිසිදු වැසිකිළි පද්ධතියක් තියෙන, විනය තියෙන, අනෙකාට ආචාර සමාචාර කරන හොඳ විදියට තියෙන කැලිකසළ නැති ඉතාමත් පිරිසිදු ශ්‍රී ලංකාවක් මේ කලාපයේ පිරිසිදුම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ කාර්ය අපි ඉටුකරනවා. අපි නව විද්‍යා හා පර්යේෂණ කේෂ්ත්‍රයක් විවෘත කරන්න ඕනේ. එතැනින් නතර වෙන්නේ නෑ. වහලා තියෙන කර්මාන්ත ශාලා යළි විවෘත කරන්න, අපේ තියන සම්පත් උපයෝගි කරගෙන නව කර්මාන්ත ශාලා ඉදිකරන සැලසුම් අපි සකස් කරලා තියෙනවා. මේ දියත් වෙමින් තිබෙන්නේ කඩා වැටුණ රට යළි පුනරුදය කරා කැඳවන යුගයයි ජාතික ජන බලවේගය ආරම්භ කරලා තියෙන්නේ. මේ ගමන කාටවත් වට්ටන්න බෑ.”

තම රජයට තිබු පළමු අභියෝගය වන ආර්ථිකය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සාර්ථකව ජයගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී පැවසුවේය.

“අපි බලය ගත්තු වෙලාවේ අපිට ප්‍රධානතම අර්බුදය තිබුණේ, සාමාන්‍ය තත්ත්වයෙන් රට පවත්වාගෙන යෑම. අපිට හම්බවෙලා තිබෙන්නේ, ගැඹුරුතම ආර්ථික අර්බුදයකට මුහුණදීලා තියෙන රටක් ඒ නිසා, මේ ආර්ථිකයට ක්ෂණික විශාල ප්‍රහාරයන් මේ ආර්ථිකයට දරාගන්න බෑ. ඒ නිසා අපේ සැලැස්ම තිබුණේ ආර්ථිකය බිඳවැටෙන්න ඉඩ නොදී ආර්ථිකය කෙරෙහි ඊට සම්බන්ධ වෙන, ප්‍රජාවන්ගේ විශ්වාසය දිනාගෙන සාමාන්‍ය තත්ත්වය නිර්මාණය කරන්න. අන්න අපි සමත් වුණා. අපි හරියට සැලසුම් හැදුවා 300ට යටින් ඩොලරය තියා ගත්තා. පළමු අභියෝගය ආර්ථිකය කඩා වැටීමට ඉඩ නොදී ක්‍රමවත්ව පවත්වාගෙන යෑමට ඉඩදීම. අපි ඒ වැඩේ කරා…”

Related posts

ඇමති ඉන්දික අධිවේගී මාර්ගයේදී අනතුරක

colombotoday

අධිකරණයට අපහස කිරීම ගැන විග්නේශ්වරන් අධිකරණය හමුවට

colombotoday

ෆිච් ශ්‍රේණිගතකිරීම්වලින් ලංකාව පහළට දමයි

Admin

සංචරණය සීමා ලිහිල්වන 25 වැනිදාත් සුරාසල් වසා තැබිය යුතුයි.

colombotoday

මහර කැරැල්ල – මියගිය රැඳවියන් ගණන 11දක්වා ඉහළට

colombotoday

ආගම කතෝලිකනම්, කුලය දුරාව නම් එයා කොලිටි… අධිකරණයේ උසස්වීම් දෙන්න රන්ජන් ආගම, කුලය සැලකූ හැටි !

colombotoday