සිය පක්ෂයට විවිධ ව්‍යාපාරිකයන් සහ ඩයස්පෝරාව උදව් කරන බවට විවේචන ඇතැයි ප්රජාතන්ත්රවාදී හඬ සංවිධානයේ නායක රංජන් රාමනායක පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ තමන් රටට යහපතක් හොඳක් කිරීමට සැරසෙන නිසා ලොව පුරා සියලු ම රටවල ඩයස්පෝරා තමන්ට උදව් කරන බවයි.
එහිදී අදහස් දැක්වූ රංජන් රාමනායක මහතා
අපේ පක්ෂයට මේ ටිකේ එක දිඟටම ප්‍රහාර එල්ල කරා.පක්ෂ ගනනාවක් මේ මහමැතිවරණයට තරඟ කරනවා.ඒත් එකම එක පක්ෂකට විතරක් පෙත්සම් ගහනවා විතරක් නෙමෙයි සුප්‍රීම් කෝට් පවා ගිහිල්ල විරෝධතා දක්වලා තියනවා.සමහර අය කියනවා අපිට විවිධ ව්‍යාපාරිකයෝ උදව් කරනවලු,එක එක ඩයස්පෝරා උදවු කරනවලු.මම කියන්න කැමතියි අපේ ප්‍රතිපත්ති හොඳ හින්දා,අපි ප්රජාතන්ත්රවාදී පක්ෂක් හින්දා,අපි මේ රටට හොඳක් කරන හින්දා අපිට ඩයස්ලත් උදවු කරනවා පෝරලත් උදවු කරනවා,සියලුම රට වල සියලුම ඩයස්පෝරා අපිට උදවු කරනවා.හොඳ පක්ෂයක් කෙලින් වැඩකරන මිනිස්සු එද්දි එහෙම තමයි..