Colombo Today Local News

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස්ද?

රටේ ප්‍රශ්න හට ගෙන ඇත්තේ ආණ්ඩුව නිසා නොව මාධ්‍ය නිසා බවත් කුණු ඇඳුම් ඉවත දමා ප්‍රජාතන්ත්‍රවාදී ඇඳුම් අඳින ලෙස ජනාධිපති අනුර දිසානායක පවසා ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

රටේ මුදල් මුද්‍රණය කොට ඇතැයි මාධ්‍ය පැවසූ විට ඇමැති විජිත හේරත් එය ප්‍රතික්ෂේප කළ ද මහ බැංකුව මුල්‍ය ද්‍රවශීලතාව ලබා දීමට කටයුතු කළේ යැයි නිවේදනයක් නිකුත් කළ බවයි, රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ. එම සංකල්පය නොදැන මාධ්‍යයට දොස් නැගීම වැරදි බවත් මාලිමාව ප්‍රජාත්ත්‍රවාදී ඇඳුම් ඇඳ ගත්ත ද එය ඇඟට තවම ෆීට් නැති බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

ජනතාව සිය කැමැත්ත අනුව සිය නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත්කරනු ඇතැයි සඳහන් කළ රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තුව සුද්ද කිරීමට තමුන් අබාන්ස් එක දැයි ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරයි.

(30) මහනුවර පැවැති ජනහමුක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කීය.

Related posts

පොළොන්නරුව ශිව දේවාලය යටින් මතු වූ බෞද්ධ විහාරය ගැන ජනපති කරුණු පහදයි…

colombotoday

පොලිස් අත්අඩංගුවේ සිටියදී මෙහෙකාරියක් මිය යාමේ සිද්ධියට පොලීසියේ තුනක් අත්අඩංගුවට

Admin

සෝභිත නාහිමියන්ගේ ශ්‍රී දේහය මව්බිමට වැඩම කරවයි

colombotoday

කටු­නා­යක රොබෝ කැ‍ෆේ. ලංකාවේ ප්‍රථ­ම­ව­රට රොබෝ වේටර් සේව­යක්!

colombotoday

ගොවි පවුල් ලක්ෂ 12කට රුපියල් 10000ත් 20000ත් අතර ආධාර

Admin

විදෙස් තැපැල් භාණ්ඩ භාර ගැනීම අද සිට යළි ඇරඹේ

colombotoday