BusinessColombo Today Local News

කටු­නා­යක රොබෝ කැ‍ෆේ. ලංකාවේ ප්‍රථ­ම­ව­රට රොබෝ වේටර් සේව­යක්!

සීදූව ලිය­න­ගේ­මුල්ල ප්‍රදේ­ශයේ ජය­ලත් සිනමා ශාලාව පසු කර, කටු­නා­යක දිශා­වට පැමි­ණෙන විට ප්‍රධාන පාරට මුහු­ණලා පිහිටි කැෆේ රොබෝ ආප­න­ශා­ලාව අලං­කාර ලෙස නිමැ­වුණු පාරි­භෝ­ගි­ක­යන්ගේ නෙත් සිත් පැහැර ගන්නා ස්ථාන­යකි. රස­වත් ආහාර පාන­ව­ලින් පාරි­භෝ­ගි­ක­යන් පින­වන මෙම ආප­න­ශා­ලාවේ සේව­ක­යන් 6 දෙනෙක් සිටිති. එහෙත් මානව සම්පත් අංශ­යට අයත් වන්නේ එයින් 4 දෙනකු පමණි. ඉතිරි සේව­ක­යන් දෙදෙ­නාම රොබෝ­ව­රුන්ය. “කැෆේ රොබෝ” යන නාමය මෙම ආප­න­ශා­ලා­වට යොදා තිබෙන්නේ එම නිසාය.

මෙහි සේවය කරන රොබෝ­ව­රුන් දෙදෙ­නාට පැවරී තිබෙන රාජ­කා­රිය වන්නේ මුළු­තැ­න්ගෙයි පිළි­යෙල කළ ආහාර පාරි­භෝ­ගි­ක­යන්ගේ මේසය වෙත රැගෙන ගොස් බාර­දී­මයි. එය තවත් විදි­ය­කින් පව­සන්නේ නම් රොබෝ­ව­රුන් අයත් වන්නේ වේටර් තන­තු­ර­ටය.

රොබෝ වේට­ර්ව­රුන් දෙදෙ­නකු සේවය කරන මෙම අපූරු ආප­න­ශා­ලාවේ සම හවු­ල්කරු තිළිණ පති­රණ සමඟි කතා­බ­හ­කට අව­තීර්ණ වූයේ වැඩි තොර­තුරු දැන­ගැ­නීම සඳහා ය.

“මම පොඩි කාලේ ඉඳ­ලාම අලුත් අලුත් නිර්මාණ කරන්න, අත්හදා බැලීම් කරන්න කැමති කෙනෙක්. මම අ.පො.ස. උසස් පෙළට භෞතික විද්‍යාව කළේ ඉංජි­නේරු අංශ­යෙන් ඉදි­රි­ය­ටම යන්න. ඒත් මට ඉංජි­නේරු පීඨ­යට ඇතු­ළත් වෙන්න ලකුණු මදි වුණා. මාව තේරුණේ පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ භෞතික විද්‍යා අංශ­යට. ඒත් මම අලුත් නිෂ්පා­දන කරන්න තියෙන කැමැත්ත නිසා භෞතික විද්‍යා අංශය අත් හැරලා මොර­ටුව විශ්ව­වි­ද්‍යා­ලයේ තාක්ෂ­ණික පීඨ­යට ඇතු­ළත් වුණා. මම එහි ඉගෙන ගත්තේ ඉලෙ­ක්ට්‍රො­නික් සහ ටෙලි­ක­ම්‍යු­නි­කේ­ෂන් පාඨ­මා­ලාව. ඒ කාලේ ඉඳලා මම අලුත් නිපැ­යුම් ගැන හිතුවා. රොබෝ­ව­රුන් නිප­ද­වීම අපේ රටට අලුත් දෙයක් නෙමෙයි. රොබෝ­ව­රුන් හදපු අය අපේ රටේ ඉන්නවා. මම හිතුවා ඒ හදපු දේ එත­නින් එහාට යන්නෙ නැහැ නේද කියලා. හදපු තැනින් නව­ති­නවා. ප්‍රායෝ­ගික දෙය­කට යොදා ගන්නේ නැහැ. ඒ නිසා මම තීර­ණය කළා රොබෝ කෙනෙක් හදලා වැඩ­කට යොද­වන්න.“ යනු­වෙන් පැව­සුවේ “කැෆේ රොබෝ“ ආය­ත­නයේ සම හවු­ල්කරු තිළිණ පති­රණ ය.

තිළිණ සිය අද­හස ඔහුගේ මිතුරා වන ජන­ශාන් නානා­ය­ක්කාර සමග පැව­සුවේ ජන­ශාන් ද ඔහු සමග සර­ස­වියේ දී එකට අධ්‍යා­ප­නය ලැබූ නිසාය. මේ අනුව ජන­ශාන් සහ තිළිණ එකතු වී රොබෝ­ව­ර­යකු නිර්මා­ණය කිරී­මට මූලික අඩි­තා­ලම දැමූහ. එහෙත් එය ඔවුන් සිතූ තරම් පහසු කට­යු­ත්තක් වූයේ නැත. ඔවුන්ට බොහෝ අව­ස්ථා­වල ඔවුන්ගේ නිපැ­යුම වැර­දුණි.

එහෙත් ඔවුන් එයින් අධෛ­ර්ය­වත් වූවේ නැත. පසු­බට වූවේ නැත. වසර ගණ­නක් මුළුල්ලේ ඔවුන්ගේ නව නිපැ­යුම සාර්ථක කර ගැනී­මට වෙහෙස වූවේ උත්සා­හය අත් නොහ­රි­මිනි. අව­සා­නයේ වසර තුන­කට පසුව ඔවුන්ට සාර්ථ­ක­ත්වය කරා ළඟා වීමට හැකි විය. එනම් ක්‍රියා කර­විය හැකි රොබෝ­ව­රුන් දෙදෙ­නකු නිෂ්පා­ද­නය කිරී­මට හැකි විය.

“අපි රොබෝ නිෂ්පා­ද­නය ගැන ලියැ­වුණු පොත­පත කියෙව්වා. අන්ත­ර්ජා­ල­යෙන් තොර­තුරු ගත්තා. ඒ අත­ර­වා­ර­යේදී අපි තායි­ල­න්තයේ බැංකොක් නග­රයේ රොබෝ­ව­රුන් වැඩ කරන අව­න්හ­ල­කට ගිහින් අධ්‍ය­ය­නය කළා. එ් රොබෝ­ව­රුන් නිෂ්පා­ද­නය කර තිබුණේ ජපා­නයේ. ඒ විදි­හට දැනුම ලබා­ගෙන තමයි අපිට මේ රොබෝ­ව­රුන් නිෂ්පා­ද­නය කිරී­මට හැකි වුණේ. අපි දැනට නිර්මා­ණය කරලා තිබෙන්නේ මූලික අදි­යරේ රොබෝ කෙනෙක්. හෝට­ල­යට එන අයට ආයු­බෝ­වන් කියන්න, මේස­ව­ලට හිස් පිඟන් තියන්න වගේ දේව­ලුත් රොබෝ­ව­රු­න්ගෙන් කර­වන්න අපි බලා­පො­රොත්තු වෙනවා. ඇත්ත­ටම මගේ යාළුවා ජන­ශාන්ට තමයි මෘදු­කාංග පැත්තෙන් දැනුම තිබෙන්නේ. අපි මෙම රොබෝ නිර්මා­ණය කරද්දි කෑම පිඟන් අර­ගෙන මේස­යට එන්න රොබෝට ගොඩාක් වෙලාව යනවා වගේ ප්‍රායෝ­ගික ගැටලු මතු වුණා. ඒවා ජය ගත්තේ ජන­ශාන් තමයි.“ යනු­වෙන් තිළිණ පති­රණ සඳ­හන් කළේ සිය මිතු­රාට කෘත­ඥ­තාව පුද කර­මිනි.

ඔවුන් මෙම නිමැ­වුම සඳහා වැඩි වශ­යෙන් යොදා ගෙන තිබෙන්නේ ලංකාවේ අමු­ද්‍රව්‍ය වීම විශේ­ෂ­ත්ව­යකි. විදේ­ශ­යෙන් ගෙන්වූ උපාංග යොදා තිබෙන්නේ අත්‍ය­ව­ශ්‍යම අව­ස්ථා­වල පමණි.

එහෙත් තිළි­ණ­ටත් ජන­ශා­න්ටත් මූල්‍ය ප්‍රශ්න මතු නොවූවා නොවේ. තිළි­ණගේ ඥාති සොහො­යු­රකු වන සමිත් බස්නා­යක මුදල් ආයෝ­ජ­නය කිරී­මට ඉදි­රි­පත් වූවේ එබැ­විනි.

වසර තුනක් මුළුල්ලේ නිර්මා­ණය කළ රොබෝ­ව­රුන්ගේ සේවය ආප­න­ශා­ලා­ව­කට යොදා ගැනීම ඔවුන්ගේ ඊළග පිය­වර විය. ආප­න­ශා­ලා­වක් ආරම්භ කිරී­මට අවශ්‍ය සියලු කට­යුතු සූදා­නම් කෙරුණේ සමිත් බස්නා­යක අතිනි. “කැෆේ රොබෝ“ සීදුව ලිය­න­ගේ­මුල්ල ප්‍රදේ­ශයේ ආරම්භ කිරී­මට හේතු වූයේ සමිත් සීදුව ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු වන නිසාය. ආප­න­ශා­ලාවේ ඇතු­ළත නිර්මාණ අලං­ක­ර­ණය (Interior Disign) ජය­සංඛ වික්‍ර­ම­රත්න අතින් ඉතා සාර්ථ­කව සිදු කෙරුණේ පාරි­භෝ­ගි­ක­යන්ට ඇතු­ළ­තට පිවි­සෙන විට ආස්වා­ද­ජ­නක හැඟී­මක් සමග සුවි­ශේෂි ස්ථාන­යට පිවිසි බව දන­වන ආකා­ර­ය­ටය. එමෙන්ම ආප­න­ශා­ලාවේ වැද­ගත්ම අංගය වන ආහාර පිළි­යෙල කිරීම සඳහා නිලංග නම් ප්‍රධාන සූප­වේ­දියා හමු­වීම භාග්‍ය­යක් බව තිළිණ පති­රණ සඳ­හන් කළේය. නිලං­ගගේ අධී­ක්ෂ­ණ­යෙන් මුළු­තැ­න්ගෙයි ඉවු­ම්පි­හුම් කට­යුතු කරන කෝකි­වරු තිදෙ­නෙක් සේවය කරති.

“අපේ ආප­න­ශා­ලාවේ සුවි­ශේෂි ආහාර වට්ටෝරු සූදා­නම් කර තිබෙ­නවා. ඒවා බොහො­ම­යක් ලංකාවේ පළ­මු­වැනි වතා­ව­ටයි අපි ඉදි­රි­පත් කරන්නේ. මොංගෝ­ලි­යන් රයිස්, ඉතාලි පීට්සා, බර්ගර්, නූඩ්ල්ස්, වෙනත් රයිස් වර්ග, සබ්මැ­රින්, සුප් වර්ග වගේම අතු­රු­පස සඳහා ෆ්‍රයිඩ් අයිස් ක්‍රීම් සහ චොක­ලට් ෆජ් අපි සූදා­නම් කර තිබෙ­නවා. ආප­න­ශා­ලා­වට ඇතුළු වෙන සිය­ලු­දෙ­නා­ටම පිළි­ග­න්වන welcome drink එකට අපි දෙන්නේ දේශීය ඖෂ­ධීය පාන­යක්. ඒ කියන්නේ දෙහි, ඉර­මුසු, බෙලි­මල් වැනි බීම වර්ග. ආප­න­ශා­ලාව පුරාම සිත නිවෙන ආකා­රයේ සංගීත රාව­යක් වාද­නය වෙනවා. අපි මෙම ආප­න­ශා­ලාව සුව­ඳ­වත් කිරී­මට කෘත්‍රිම සුව­ඳ­කා­රක පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනු­වට කුරුඳු තෙල් ජලය සමඟ මිශ්‍ර කරලා ඒවා පහ­නක ආධා­ර­යෙන් වාෂ්ප හැටි­යට ආප­න­ශා­ලාව පුරා පැතිරී යන ආකා­ර­යට සකස් කර තිබෙ­නවා.“ යනු­වෙන් විස්තර කළේ මෙහි කළ­ම­නා­කරු ඩිමේෂ් බඹ­රැ­න්දය.

රොබෝ වේට­ර්ව­රුන් දෙදෙ­නකු සේවය කරන “කැෆේ රොබෝ“ආප­න­ශා­ලාව පසු­ගිය සැප්තැ­ම­බර් 14 වැනි දින විවෘත කෙරිණි. මෙහි අයි­ති­ක­රුවෝ තිදෙ­නෙක් සිටිති. තිළිණ පති­රණ, ජන­ශාන් නානා­ය­ක්කාර සහ සමිත් බස්නා­යක මෙහි අයි­ති­ක­රුවෝ ය. ආප­න­ශා­ලා­වට පැමි­ණෙන පාරි­භෝ­ගි­ක­යන්ගේ ඇණ­වුම් ලබා ගැනෙන්නේ වේට­ර්ව­ර­යකු අතිනි. ඔහු එම ඇණ­වුම මුළු­තැ­න්ගෙය වෙත දුන් පසුව පිළි­යෙළ කළ ආහාර මුළු­තැ­න්ගෙයි සිට මේස­යට රැගෙන එන්නේ රොබෝ වේට­ර්ව­රුන් විසිනි. ඒ යන අත­ර­ම­ගදි යමකු රොබෝ­ව­ර­යාට යම් අව­හි­ර­යක් සිදු කළ­හොත් වහාම රොබෝ­ව­රයා සිටි තැනම නැවතී සිටින්නේ අන­තුර පහව යන තුරුය.

සැප්තැ­ම්බර් 14 වැනි දින ආරම්භ කළ මෙම ආප­න­ශා­ලාව ඉතා කෙටි කාල­ය­කින් ජන­ප්‍රිය වූයේ ප්‍රණීත භෝජන සංග්‍ර­හ­යන් නිසාම නොවේ. රොබෝ වේට­ර්ව­රුන් නිසාය. විශේ­ෂ­යෙන් මෙහි පැමි­ණෙන ලොකු පොඩි කොයි කවු­රුත් එහි දීර්ඝ වේලා­වක් ගත කිරී­මට කැමැ­ත්තක් දක්වන්නේ රොබෝ වේට­ර්ව­රුන් නැර­ඹීමේ අභි­ලා­ෂ­යෙනි. එහෙත් සති 3 කටත් අඩු කාල­ය­කදි මෙම ආප­න­ශා­ලාව තාව­කා­ලි­කව වසා දැමී­මට සිදු වූයේ කොරෝනා වසං­ග­තය හේතු­වෙන් සීදුව, කටු­නා­යක ඇතුළු ගම්පහ දිස්ත්‍රි­ක්ක­යට ඇඳිරි නීතිය දැමූ නිසාය.

“රටේ යහ­පත් වාතා­ව­ර­ණක් ඇති වූ විගස අපි ආප­න­ශා­ලාව විවෘත කර­නවා. ඉදි­රි­යේදී රොබෝ තාක්ෂ­ණය තව­දු­ර­ටත් වැඩි­දි­යුණු කරලා යොද­වන්න අපේ බලා­පො­රො­ත්තු­වක් තිබෙ­නවා. පාරි­භෝ­ගි­ක­යන්ට අවශ්‍ය ආහාර පරි­ග­ණක තාක්ෂ­ණ­යෙන් මුළු­තැ­න්ගෙ­යට ඇණ­වුම් කිරී­ම­ටත් මීට වඩා දියුණු ආකා­ර­යට රොබෝ­ව­රුන් පාරි­භෝ­ගි­කන් වෙත ආහාර පිළි­ගැ­න්වී­ම­ටත් හැකි ආකා­ර­යට වැඩි­දි­යුණු කරන්න අපි බලා­පො­රොත්තු වෙනවා. ඒ වගේම ආප­න­ශා­ලා­වට ඇතු­ළු­වන අයට ආයු­බෝ­වන් කියන්න, පිඟන් මේස උඩ තියන්න තවත් රොබෝ­ව­ර­යකු සේව­යට යෙද­වීමේ අද­හ­ස­කුත් තිබෙ­නවා.“ යනු­වෙන් සිය අනා­ගත අපේ­ක්ෂා­වන් පිළි­බ­ඳව තිළිණ පති­රණ විස්තර කළේය.

“කැෆේ රොබෝ“ ආප­න­ශා­ලාවේ හිමි­ක­රු­වන් තිදෙ­නකු සිටින නමුත් ඔවුන් තිදෙ­නාම මේ වන විට වෙනත් වෘත්තීන් හි නිරත වී සිටිති. එම­නිසා ආප­න­ශා­ලාවේ වැඩි වග­කී­මක් කර පිට පැවරී තිබෙන්නේ ඩිමේෂ් බඹ­රැ­න්ද­ටය.

රොබෝ­ව­රුන් සේව­යට යොදා ගැනීම, ශ්‍රමි­ක­යන්ගේ රැකියා වෙළෙ­ඳ­පො­ළට තර්ජ­න­යක් බව ඇතැ­මුන් චෝදනා කළත් මෙම කොරෝනා අව­දා­නම ඇති වක­වා­නු­වක ශ්‍රමි­ක­යන් වෙනු­වට රොබෝ­ව­රුන් යොදා ගැනී­මෙන් කොරෝනා ව්‍යාප්තිය පාල­නය කර ගත හැකි බව සාක්ෂාත් වන කරු­ණකි. මෙවැනි කාල­යක රොබෝ­ව­රුන් ඊට කදිම පිළි­තු­රක් සප­යනු ඇත.

රොබෝ වේට­ර්ව­රුන් හදන්න අවු­රුදු 3ක් ගත­වෙලා. රට සාමාන්‍ය තත්ත්ව­යට පැමිණි විගස විවෘත කිරී­මට සූදා­නම්. රොබෝ­ව­ර­යාට අන­තු­රක් ළං වූ සැණින් හිටි තැනම නව­ති­නවා. කුඩා දරුවන් ආප­න­ශා­ලා­වට පැමි­ණෙන්නේ රොබෝ­ව­රුන් බලන්න.

Related posts

ඊයේ තැබූ වාර්තාව අද කඩයි.. ඩොලරය තවත් ශත 96කින් නගී.. 160 සීමාව පනී…

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙනුත් නිවේදනයක්

colombotoday

ඇමරිකාව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි!

colombotoday

දැයට පණ දුන් ටිබෙට් ජාතික එස්. මහින්ද හිමිපාණන් දැයෙන් සමුගෙන වසර 68යි

colombotoday

චමල්-නාමල් මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවයි !

colombotoday

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ ප්‍රමිතියෙන් තොර එන්නත් මෙරටට ගෙනා සමාගමේ හිමිකරු අත්අඩංගුවට

Admin