Colombo Today Local News

රනිල් ගෙදර ගියේ ජනතාවට යන එනමන් නැති කරලා

හිටපු ජනාධිපති රනිල් වීක්‍රමසිංහ ගෙදර ගියේ රටේ ජනතාව අනාථ කර බවත් මේ තත්ත්වයෙන් රට ගොඩ ගන්න නම් ඉදිිරි වසර හතර තුළ දැවැන්ත සංවර්ධනයක් සිදු කල යුතු බවත් සජබ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය. ඒ ඊයේ (30) දෙමටගොඩ දී පැවති ජන හමුවක එක්වෙමිනි.

IMF නව ගිවිසුම හරහා 2033 සිට ණය ගෙවන්න හැකි බවත් ඒ කාලය වන විට සෘජු විදේශ සංචිත වැඩි කර ගත හැකි බවත් ඔහු සඳහන් කරයි. මේ වන විට මතුව ඇති ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නය නිසා සංචාරක කර්මාන්තය අඩපණ වුවහොත් ණය ගෙවීමට නොහැකි වනු ඇති බවත් සජබ නායකයා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවේ බහුතරයෙන් මේ ගිවිසුම සංශෝධනය කරමින් ජනතාවගේ හිසමත පීඩනය පටවන යෝජනා ඉවත් කළ හැකි විය යුතු බවත් සජිත් ප්‍රේමදාස කියා සිටියි.

Related posts

නවීකරණය කරන ලද පොලිස් නේවාසිකාගාරය හා නව භෝජනාගාරය විවෘත කරයි

Admin

නීති විරෝධී ලෙස කන්ටේනර් අටක් මුදාහරින්න රවීගෙන් රේගුවට නියෝග

colombotoday

තවත් ප්‍රදේශ දෙකකට සංචරණ සීමා

colombotoday

රන්ජන්ගෙන් අනාවැකියක්.. ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙක් ළගදීම අත්අඩංගුවට !

colombotoday

“රට පාලනය කරන හැටි අපි හොදට දන්නවා.. උපදෙස් ඕන නෑ” – මංගල මහින්දට කියයි

colombotoday

ආනයනික බිත්තර ඉල්ලුම ඉහළට – තවත් දිස්ත්‍රික්ක 02කට බිත්තර බෙදයි

Admin