Colombo Today Local News

යාපනයට ශරියා නීතිය?

පේදුරුතුඩුව කර්කෝලවම් පුනිතනගර් ප්‍රදේශයේ නිවසක සිටි අඹුසැමි යුවළක් ගල් ගසා ම-රා දමා තිබියදී ඔවුන් දෙදෙනාගේ මළසිරුරු පේදුරුතුඩුව පොලිසිය විසින් 30 දා සොයා ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ මේ දෙදෙනාගේ හිසට හා ශරීරයේ බොහෝ ස්ථානවලට විශාල ප්‍රමාණයේ කොන්ක්‍රීට් ගල් ගසා මරා දමා ඇති බවයි. මෙසේ මියගොස් ඇත්තේ 53 හැවිරිදි සැමියා වන මානික්කම් සුබ්‍රමනියම් සහ 54 හැවිරිදි මේරි නමැති බිරිඳයි.

සැමියා කොන්ත්‍රාත් පදනම මත පේදුරුතුඩුව රෝහලේ කිළිටි රෙදි සේදීම වෘත්තිය වශයෙන් කර ගෙන ගොස් ඇති අතර ඔහු සේවයට නොපැමිණීම නිසා රෝහලෙන් ඔහුට දුරකතන ඇමතුම් ලබා දී තිබේ. එම ඇමතුම්වලට ප්‍රතිචාර නොලැබුණු නිසා රෝහලේ සේවකයකු කිළිටි රෙදි සෝදන්නාගේ නිවසට පැමිණි අවස්ථාවේ සැමියාගේ හා බිරිඳගේ මළසිරුරු නිවසේ තිබෙනු දැක තිබේ.

රෝහල් සේවකයා වහාම මේ පිළිබඳව රෝහලට දැනුම් දී ඇති අතර සිද්ධිය දැනුම් දීමෙන් පසුව පොලිසිය එහි පැමිණ තිබේ.

Related posts

බැඳුම්කර ගනුදෙනුවෙන් 90%ක්ම ලාභ ලැබුවේ බෑණා බව මාමා පිළිගනී

colombotoday

මිහින්තල පොහොට්ටු මන්ත්‍රීවරයෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday

අමත්‍යදුරයෙන් පහකෙරුණු විජේදාස රාජපක්ෂ දිවුරුම් දෙයි

colombotoday

පොලිස් නිලධාරීන්ට පහරදුන් තුනක් අත්අඩංගුවේ

Admin

සිවාජිලිංගම්ගෙන් මහ ජාතියට අභියෝග.

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවකයින් පිරිසක් උද්ඝෝෂණයක්

Admin