ජයග්‍රාහී ලොතරැයි පත නොලැබුණා යැයි අප කනගාටු වුව ද එය වරකට ලැබෙන්නේ එක් අයකට පමණක් බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා පවසයි.
දෙවියන් වහන්සේ අපට නොයෙකුත් ලෙස ආදරය කරන හෙයින් ජයග්‍රාහී ටිකට්පත් නොලැබුණා යැයි දුක් නොවිය යුතු බවයි, කාදිනල්තුමා පෙන්වා දෙන්නේ.
අපට අවශ්‍ය වරප්‍රසාද දෙවියන් වහන්සේගෙන් ඉල්ලා නොලැබුණහොත් කෑ ගසා ඉල්ලා සිටිය යුතු බවත් එවිට ද නොලැබුණහොත් එය ද දේව කැමැත්ත ලෙස භාර ගන්නට ශක්තිය ලබා ගත යුතු යැයි එතුමා ප්‍රකාශ කරයි.
දේව මෙහෙයකට එකතු වෙමින් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා මේ බව කීය.