Colombo Today Local News

හාල් පොල් බිත්තර මිල වැඩි ඇයි..ජනාධිපති සාකච්ඡාවක් කැඳවයි

වෙළඳපලේ සහල්, බිත්තර, පොල් ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම ඇතුළු කාරණා පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබේ.

එය හෙට දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිතව ඇත.

කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කරන්නේ වෙළඳපළේ සහල් මිල ඉහළ යාමක් පවතින බවත් නාඩු සහල් වල අඩුවක් දක්නට ලැබෙන බවත්ය.

රුපියල් 220ක පාලන මිලක් නාඩු සහල් කිලෝවකට යොදා තිබුනද නාඩු වී මිල ඉහළ යාම නිසා මෙම පාලන මිල සහල් අලෙවි කිරීමට නොහැකි බව සහල් මෝල් හිමියන් පවසන බවත් ලේකම්වරයා කියා සිටියි.

ආහාර මිල ගණන් ඉහළ යෑම ආදී කරුණු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කරන බවද ඔහු කියා සිටියේය.

Related posts

එජාප ඇමතිලා 20කගේ “TOP 20“ දූෂණ වංචා ලිපිගොණු ජනපති කොමිසමට…

colombotoday

Ceylon Princess මව් රටට එයි.. ණයබර වැඩියි.. හිතට එකග නැති තීරණත් ගන්න වෙයි – වරාය ඇමති

colombotoday

ශ්‍රී ලංකාවේ ගැටලුව තේරුම් ගන්න තමිල්නාඩු රජය අපොහොසත් වුණා – මුරලිගෙන් හෙළිදරව්වක්

Admin

ලේකම් පුටුවෙන් ඇමති පුටුවට, කරු අද ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිකමට

colombotoday

දිවුලපිටියේ මන්ත්‍රී කාර්යාලයකට පහර දී ගිනි තැබීම. – මැයව දුටුවහොත් ලඟම පොලිසියට දන්වන්න

colombotoday

නාත්තන්ඩියේ ෆාරුක්ගේ නිවසේ තවත් 5 දෙනෙකුට කොරෝනා. මාස තුනක බිළිඳියකුත් ඒ අතර

colombotoday