Colombo Today Local News

ඒවා ගනන් ගන්න ඕන දේවල් නෙමෙයි

පාස්කු ඉරිදා දින මෙරටට එල්ලූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කල කමිටු වාර්තාවන්හි වත්මන් මහජන ආරක්ෂක ලේකම් රවි සෙෙනවිරත්න මහතාට එල්ල වී ඇති චෝදනා පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් කරන ලද මාධ්‍ය සාකච්ඡාවට රවී සෙනෙවිරත්න මහතා ප්‍රතිචාර දක්වයි.

දිවයින පුවත්පත කළ විමසීමකදී ඔහු මෙසේ අදහස් පළ කර ඇත.

‘ඕන කෙනෙක් ඕන දෙයක් කියපුවදෙන්. අපි කරන්නේ ඒවා බලාගෙන ඉන්නවා පමණයි. ඒවා ගනන් ගත යුතු දේවල් නෙවෙයි’

කෙසේ වෙතත් මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වෙත එල්ල වන බරපතළ චෝදනාව සම්බන්ධයෙන් ජාතික ජන බලවේග රජය නිල වශයෙන් ප්‍රතිචාරයක් මෙතෙක් දක්වා නැත.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා සහභාගි වන කැබිනට් මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි බලාපොරොත්තු වෙයි.

පාස්කු ඉරිදා දින ප්‍රහාර එල්ලවීම වළක්වා ගැනීම සඳහා තිබූ අවස්ථාවකදී තම රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් රවී සෙෙනවිරත්න මහතා මහජන ආරක්ෂා අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉවත් කරන ලෙස ගම්මන්පිල මහතා රජයෙන් ඉල්ලා සිටියේය.

Related posts

20 ඇතැම් කරුණු වලට ජනමත විචාරණයක් අවශ්‍යයි

colombotoday

අරලියගහ මන්දිරය හිස් කරන්න ඉහළම තැනකින් නියෝග… කාර්යමණ්ඩලය අද රෑ ඉවතට…

colombotoday

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ධූරයෙන් ඉවත් වෙයි

colombotoday

කොවිඩ් එන්නත නොගත් හා පළමු මාත්‍රාව පමණක් ලබා ගත් අයට ඩෙල්ටා ප්‍රභේදය ගැන අනතුරු ඇඟවීමක්

colombotoday

සයිටම් තීන්දුව ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාසයක්… වෛද්‍ය සභාවට නොතීසි…

colombotoday

වැඩ තහනම්වූ බන්ධනාගාර නිලධාරීන්ට වෙන්න යන දේ…

colombotoday