Colombo Today Local News

ජනාධිපති බ්‍රික්ස් සමුළුවට නොයන්නේ ඇයි?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රුසියාවේ පැවැත්වෙන BRICS සමුළුවට සහභාගී නොවන්නේ කිසියම් විදේශීය බලවේගයක බලපෑම් හේතුවෙන්දැයි සමගි ජන බලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා විමසා සිටියි.

කොළඹ දී පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම ප්‍රශ්නය නැගුවේය.

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත BRICS සමුළුවට සහභාගි නොවීමට ජනාධිපතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා තීරණය කර ඇත්දැයි හිටපු මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

“ශ්‍රී ලංකාව BRICS සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කර ඇති බව සඳහන් කිරීම ගැන අපි සතුටු වෙනවා. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා යන දෙදෙනාම සමුළුවට සහභාගී නොවීම කණගාටුවට කරුණකි. රාජ්‍ය නායකයන් වැදගත් සමුළු සඳහා සහභාගී විය යුතුයි’ එරාන් වික්‍රමරත්න මහතා පැවැසීය.

ශ්‍රී ලංකාවට නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍යයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාව BRICS සාමාජිකත්වය සඳහා අයැදුම් කර ඇති නමුත් ඉදිරි මැතිවරණ කටයුතු හේතුවෙන් ජනාධිපතිවරයා ඊට සහභාගී නොවන බව පසුගියදා අමාත්‍ය විජිත හේරත් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැති මෙරට සිටින විදෙස් තානාපතිවරුන් හා එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතයන් හමුවූ අවස්ථාවේ දී පැවසීය .

– Divaina

Related posts

ව්‍යවස්ථා මණ්ඩලය රැස්වෙයි… ව්‍යවස්ථා කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවට

colombotoday

උග්‍ර මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් 15,000කට පෝෂණ ප්‍රතිකාර අරඹයි

Admin

පොහොර මිටිය රු 2500ට දෙන්න ජනපති නියෝග කරයි!

colombotoday

රට වසා දැමීට කිසිදු තීරණයක් ගෙන නැහැ | පළාත් අතර සංචාරණ සීමා පැනවීමට ඉදිරි දින කිහිපය තුළ

colombotoday

“රට ඇතුලේ කවුරු කෑ ගැහුවත් වැඩක් නෑ.. මුළු ලෝකයම අපේ රජයට ආශිර්වාද කරනවා” – ජනපති

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් කෝටි 2,000ක් බැඳුම්කර බාරගන්න කිව්වා

colombotoday