Colombo Today Local News

නීත්‍යානුකූල නියෝග පමනක් පිළිපදින්න

දේශපාලන බලපෑම්වලින් තොරව රාජකාරී කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට හැකියාව තිබිය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ පොලීසියට ජනතාවගෙන් එල්ල වූ චෝදනාවලින් නිදහස් වීමට කාලය එළඹ ඇති බවය.

කළුතර පොලිස් පුහුණු පාසලේ පැවති උත්සවයකට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා මෙම අදහස් පළ කළේය.

“පොලීසිය පිළිබඳ තිබෙන ආකල්ප වෙනස් කළ යුතු වෙනවා. ඒ වෙනස් කිරීමේ දී ඔබට පුරෝගාමි කටයුත්තක් කළ හැකියි. නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ දී දේශපාලන බලපෑම්වලින් තොරව ඔබගේ රාජකාරිය, ඔබේ වගකීම්, නිවැරදිව ඉටුකිරීම සඳහා වූ ධෛර්යක් ඔබට තිබිය යුතුයි. ඔබ හැමවෙලාවේම බැඳිලා ඉන්නේ, ඉහළ නිලධාරියෙකු ලබාදෙන නීතියානුකූල විධානයන් පිළිපඳින්න පමණයි. මා නැවත අවධාරණය කරනවා. ඔබ බැඳී සිටිනවා ඔබේ ඉහළ නිලධාරියෙකු ලබාදෙන නීතියානුකූල විධානයන් පිළිපඳින්න පමණයි. යම්කිසි නිලධරයෙක් නීතිවිරෝධී විධානයක් ලබාදෙන්නේ නම් ඔබට ශක්තියක් තිබිය යුතුයි එය නීතිවිරෝධී විධානයක් බවට පෙන්වා දෙන්න. ඒ නිසා කිසිසේත් පැකිලෙන්න එපා. බය නැතුව හෘද සාක්ෂියට එකඟව ඔබ රාජකාරිය කරන්න. අලුත් දේශපාලනය ක්‍රමය තුළ කිසිදු මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක්, ජනාධිපතිවරයෙක් අනීතික දේවල් කරන්න බලපෑම් කරන්නේ නෑ. ඒ නිසා ඔබටත් වගකීමක් තියෙනවා මේ තත්ත්වය තුළ නිවැරදිව රාජකාරිය ඉටුකරන්න.”

Related posts

හෙරොයින්, හෂීස්, ගංජා සහ මත්පෙති සමග තරුණයෙකු කොටු

colombotoday

ජනපති ‘සිරිසේන’ – විමල් සුහද පිළිසදරේ !

colombotoday

රාජ්‍ය සේවකයන්ට මෙදා අවුරුද්දේ හුලං.. ආණ්ඩුවට සල්ලි නෑ කියා උත්සව දීමනා නොගෙවයි

colombotoday

ජනපති අද ජාතිය අමතයි

colombotoday

හිටපු ජනාධිපතිනියගේ ඔළුව හොදටම විකාර වෙලා.. ගෞරවයක් දී පැත්තකට කර තැබිය යුතුයි

colombotoday

නව මුස්ලිම් අන්තවාදයේ සොඳුරු සලකුණ අලි ෂබ්රි

colombotoday