Colombo Today Local News

අගමැති හරිනි සහ කැබිනට් ඇමති විජිත රුව සහිත මුද්දරයක් නිකුත් කෙරේ

එකසිය පනස්වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී උත්සවයක් පැවැත්විනි.

ඒ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා ඇමති විජිත හේරත් මහතාගේ සහභාගීත්වයෙනි.

මෙවර ලෝක තැපැල් දිනය වෙනුවෙන් අගමැතිනි හරිනි අමසූරිය මහත්මියගේ හා ඇමති විජිත හෙරත් මහතාගේ රුව සහිත සිහිවටන මුද්දර දෙකක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

නුවර එළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගන්නා ලද සියලු තීරණ අත්හිටුන බව ඇමති විජිත හේරත් මහතා එහිදී සඳහන් කළේය.

ඉදිරියට එම තැපැල් කාර්යාල ගොඩනැගිල්ල තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් භාවිතා කරන බවත් ඔහු එහිදී පැවසුවේය.

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල හෝටල් ව්‍යාපෘතියකට පෞද්ගලික අංශයට පැවරීමේ ක්‍රියාවලියක් පසුගිය රජය විසින් ඉදිරියට ගෙන එන ලදී.

Related posts

ප්‍රබලයකුගේ මාර්ගයෙන් ආණ්ඩුවට එක් වෙන්න ආ බදියුදීන්ව ජනපති අණින් හරවා යවයි

colombotoday

පොලිස්පතිට දුන් සේවා දිගුවේ අනුමැතිය ප්‍රතික්ෂේප කරයි

Admin

රජය පවත්වාගෙන යාම ගැන එජාපයේ තීරණය මෙන්න

colombotoday

යු ටියුබ් වෙත ඩොලර් මිලියන 170 ක දඩයක්

colombotoday

ජනපතිගේ අගමැතිගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලයි !!

colombotoday

RMV සතියට දවස් දෙකක් වැඩ නෑ

colombotoday