Colombo Today Local News

වෙළඳ පොලේ නාඩු සහල් හිඟයක්

සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඉදිරියේදි දේශිල වෙලදපොලේ නාඩු සහල් හිගයක් ඇතිවිමේ අවධානමක් පවතින බව සහල් වෙලෙදුන් කියා සිටියි.

නාඩු සහල් කිලෝ පන්දහසක් මිල දි ගැනිමට සහල් මෝල් හිමියන්ගෙන් කීරි සම්බා කිලෝ පන්දහසක් මිල දි ගත යුතු බවත්, තවත් ප්‍රධාන පෙලේ සහල් මෝල් හිමියෙකුගෙන් නාඩු සහල් කිලෝ පන්දහසක් ලබා ගැනිමට කීරි සම්බා කිලෝ පහලොස්දහසක් මිල දි ගත යුතු බවත්, පවත්නා තත්ත්වය මත තම වෙලදසැල් තුල කීරි සම්බා තොග ගොඩ ගැසි ඇති බවයි සහල් වෙලෙදුන් කියා සිටින්නේ.

සහල් මෝල් හිමියන් සතුව තිබෙන කීරි සම්බා තොග අවසන් කර ගැනිම සදහා එම සහල් මෝල් හිමියන් මෙවැනි ක්‍රමයක් අනුගමනය කරන බවත්, නාඩු සහල් කිලෝවක් රු 218, සම්බා සහල් රු228 සහ කීරි සම්බා කිලෝවක් රු 257 වැනි තොග මිලකට නිකුත් කරන බවයි වෙලෙදුන් කියා සිටින්නේ.

ඒ අනුව නාඩු සහල් කිලෝවක් රු 220, සම්බා රු 228, කීරි සම්බා රු 260 වැනි උපරිම සිල්ලර මිලකට අලෙවි කල යුතු බවත්, ලාභ පරතරය ප්‍රමාණවත් නොවිමෙන් සහල් අලෙවියෙන් තමන්ට පාඩුවක් සිදු වන බවයි වෙලෙදුන් කියා සිටින්නේ.

තවද සුදු බිත්තරයක් රු 41, රතු බිත්තරයක් රු 42 අලෙවි කරන බවත් වෙලෙදුන් කියා සිටින්නේ.

සහල්, බිත්තර සහ පොල් මිල ඉහල ගියද වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල පහල බැස ඇති බවයි එලවළු වෙලෙදුන් කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ

Related posts

වාසුදේව මරාගෙන මැරෙන සටනක් අරඹයි !

colombotoday

ගැහුවොත් ගහනවා…

colombotoday

දිවුලපිටියේ සිට මොණරාගලට පැමිණි කාන්තාවකටත් කොරෝනා බව තහවුරු වෙයි

colombotoday

ආර්ථික අහේනිය නිසා දියවන්නාවේ මාළු ඇල්ලීම වැඩි වෙලා

colombotoday

කාන්තන්කුඩි පොලීසියේ නිලධාරියෙක් ඝාතනය කෙරේ

colombotoday

සත්වෝද්‍යානයේ තවත් සතුන්ට PCR පරීක්‍ෂණ | සේවකයෙක්ටත් කොවිඩ්

colombotoday