Colombo Today Local News

දුන් පොරොන්දු ඉටු කරන්නේ ඇමතිලා පත් කිරීමෙන් පසුවයි

ජාතික ජන බලවේගයට අභියෝග කිරිමට කිසිදු පක්ෂයක් නොමැති බවත්, රටේ බහුතර ජනතාවක් ජාතික ජන බලවේගය සමග එක් වි සිටින නිසා ජාතික ජන බලවේගය ඉලක්කය කරා යන බව ජාතික ජන බලවේගයේ විධායක සභික ලාල් කාන්ත මහතා පැවසිය.

ලාල් කාන්ත මහතා ඒ බැව් කියා සිටියේ මහ මැතිවරණ ප්‍රචාරක රැස්විමක් නාවලපිටිය ප්‍රදේශයේ පැවැත්විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ලාල් කාන්ත මහතා කියා සිටියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අද වන විට කෑලි අටකට බෙදි ඇති බවත්, එක්සත් ජාතික පක්ෂය නාමයට පමණක් සිමා වි ඇති බවත්, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නැත්තටම නැති වි ඇති බවයි.

ජාතික ජන බලවේගය මහනුවර දිස්ත්‍රික්කයෙන් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ඇති බවත්, මහ මැතිවරණයට දිවයිනේ සියළුම ප්‍රදේශවල ජනතාව මාලිමාව වටා එක්වෙමින් සිටින බවයි.

නාවලපිටිය ආසනය මහින්දානන්ද අලුත්ගමගේ බලකොටුවක් බවට තිබු බවත්, එම බලකොටුව බිද දමමින් ජනාධිපතිවරණයේදි නාවලපිටිය ආසනය දිනවිමට නාවලපිටිය ප්‍රදේශයේ ජනතාව පියවර ගත් බවයි.

දැනට රටේ අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා ඇතුළු ඇමතිවරුන් දෙදෙනෙකු කටයුතු කරමින් සිටින බවත්, මහ මැතිවරණයෙන් පසු අමාත්‍යංශවලට කැබිනට් ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් පත් කිරිමෙන් පසු ජාතික ජන බලවේගය පොරොන්දු සියළුම දේ ඉටු කිරිමට කටයුතු කරන බවයි ලාල් කාන්ත මහතා කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ

Related posts

හෙරොයින් ග්‍රෑම් 300ක් සමග සැකකරුවන් 9ක් අත්අඩංගුවේ

colombotoday

රේගු අධ්‍යක්ෂකවරියට තනතුර අහිමි කළ ගම්මිරිස්, කරුංකා, එතනෝල් මගඩියෝ…

colombotoday

ඇමති විමල් ඇතුළු 6කට එරෙහි නඩුව වැඩිදුර විභාගයට දින නියම කෙරේ

colombotoday

රත්‍රං මිල තවත් ඉහළ යයි

Admin

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ ඉල්ලා අස්වෙයි

colombotoday

මහින්ද එලවන්න රනිල්ගෙන් තවත් තුරුම්පුවක්… හැකිනම් පරදන්නැයි අභියෝග කරයි…

colombotoday