Colombo Today Sports News

සංගක්කාර නැවතත් පිටියට පිවිසීමට තීරණය කරයි

ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් (IML) ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පත්ව තිබෙනවා.

මෙම තරගාවලිය නොවැම්බර් 17 වැනිදා සිට දෙසැම්බර් 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර, තරගාවලියේ සමස්ත තරග සංඛ්‍යාව 18ක්.

මේ සඳහා ඉන්දීය සත්කාරකත්වය යටතේ රටවල් 06ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් 06 මේ අනුව තරග කිරීමට නියමිතව තිබෙනවා.

සචින් තෙන්ඩුල්කාර් ඉන්දීය නායකත්වටත්, ෂේන් වොට්සන් ඔස්ට්‍රේලියාවේ නායකත්වටත්, ඉයන් මෝගන් එංගලන්තයේ නායකත්වටත්, බ්‍රයන් ලාරා බටහිර ඉන්දීය කොදෙව් නායකත්වටත් සහ ජැක් කලිස් දකුණු අප්‍රිකාවේ නායකත්වටත් පත්ව තිබෙනවා.

තරගාවලියේ පළමු තරග හතර මුම්බායිහි DY Patil ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, නොවැම්බර් 17 වැනිදා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර උද්වේගකර ගැටුමකින් මෙම තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.

මුම්බායිහි ආරම්භක අදියරෙන් පසුව, නොවැම්බර් 21 වැනිදා ඉන්දියාවට එරෙහිව දකුණු අප්‍රිකාව සමඟින් ආරම්භවන තරග හයක් ලක්නව්හි පිහිටි ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

තරගාවලියේ අවසන් අදියර රායිපූර් හිදී පැවැත්වෙන අතර, එහිදී අවසන් පූර්ව වටය සහ අවසන් මහා තරගය දෙසැම්බර් 8 වැනිදා ෂහීඩ් වීර් නාරායන් සිං ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන මෙන්න,

17th November – India v Sri Lanka – Mumbai

18th November – Australia v South Africa – Mumbai

19th November – Sri Lanka v England – Mumbai

20th November – West Indies v Australia – Mumbai

21st November – India v South Africa – Lucknow

23rd November – South Africa v England – Lucknow

24th November – India v Australia – Lucknow

25th November – West Indies v Sri Lanka – Lucknow

26th November – England v Australia – Lucknow

27th November – West Indies v South Africa – Lucknow

28th November – India v England – Raipur

30th November – Sri Lanka v England – Raipur

1st December – India v West Indies – Raipur

2nd December – Sri Lanka v Australia – Raipur

3rd December – West Indies v England – Raipur

5th December – 1st Semi Final – Raipur

6th December – 2nd Semi Final – Raipur

8th December – Final – Raipur

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් සංචාරය අත්හිටුවයි.

colombotoday

දිලිත් ජනපති සටනට – සමාගම් කීපයක අධ්‍යක්ෂ ධූර වලිනුත් ඉවත් වෙයි

Admin

ශ්‍රී ලංකා ප්‍රිමියලිග් තරඟාවලියේ Kandy Tuskers කණ්ඩායමේ අයිතිය සල්මන් ඛාන්ට

colombotoday

ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ නව සභාපති මන්ත්‍රී ප්‍රේමනාත්

colombotoday

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

Admin

මාලිංග යලිත් ක්‍රිකට් පිටියට

colombotoday