සමගි ජන බලවේගයේ ප්රධාන නායකයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දේශපාලනයෙන් විශ්රාම යෑමට තීරණය කර තිබේ.
ලක්ෂ්මන් කිරිඇල්ල, අඛණ්ඩව වසර 36 ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්රීවරයෙකි.
මෙවර මහ මැතිවරණයට ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් නොවූවද, ඔහුගේ දියණිය, සමගි ජන බලවේගය නියෝජනය කරමින් මහනුවර දිස්ත්රික්කය සදහා තරග වැදීමට නියමිත ය.