Colombo Today Sports News

උපුල් තරංග අත්අඩංගුවට ගැනීමට නියෝග

තරඟ පාවා දීමේ සිද්දියක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරනයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරිම් කමිටුවේ සභාපති උපුල් ත්‍රංග අතඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතලේ මහාධිකරණය අද (8) දින වරෙන්තු නිකුත් ක්ලා.

ඒ මෙම වසරේ මාර්තු මාසයේ පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී නිමාවට පත් වූ ලෙඩජන්ඩ් ට්‍රොෆි 2024 ක්‍රිකට් තර්ඟාවලියේ මුදලට තරඟ පාවා දීම සඳහා බලපෑම් කල බවට ඔහු විසින් කල පැමිණිල්ලකට අනුව ගොනෞකල නඩුව මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

එම තරඟාවලිඅට සහභාගි වූ කැන්ඩි සෑම් ආමි කණ්ඩාමයේ හිමිකරු වූ ඉන්දීය ජාතික යෝගි පටෙල් නැමැත්තා විසින් තමන්ට තරඟ පාවා දීමේ යෝජනාව සිදුකල බවට උපුල් තරංග ක්‍රීඩා වැරදින් වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒඑකට පැමිණිලි කර තිබුනේය.

ඔහුගෙන් අද හරස් ප්‍රශ්න ඇසීමට නියමිතව තිබූ අතර අධිකරණයේදී හෙළි වූයේ තේරිම් කමිටු සභාපති උපුල් තරංග අධිකරණයට නොදන්වා ඇමරිකාඅනු නැෂනල් ලීග් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීම සඳහා විදෙස් ගත වී ඇති බවයි

Related posts

තරග පාවාදීමට ක්‍රීඩකයන් පෙළඹවූ පුහුණුකරුගේ වැඩ තහනම්!

colombotoday

පළමු T20 තරගයෙන් ඔස්ට්‍රේලියාවට එරෙහිව තියුණු ජයක් ශ්‍රී ලංකාවට

colombotoday

අවසන් පන්දුවෙන් තියුණු ජයක් ලබති – නිදහස් කුසලානය ඉන්දියාවට

colombotoday

කුලසේකර ක්‍රිකට් වීරයා සමුගැනීමට ක්‍රිකට් ආයතනයෙන් තරගයක් ඉල්ලයි

colombotoday

චමරි අතපත්තු ලෝකයෙන්ම අංක එකට

Admin

කුරුණෑගලම මහින්දටයි.. ගාල්ලේ බලයත් අල්ලයි

colombotoday