Colombo Today Local News

කොළඹ නගර සභාවේ ගහපු සුපිරි ගේම

කොළඹ මහ නගර සභාවේ දේපොළ ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක නිලධාරින් 97 ක් යොදවා සිටියදී එහි අකුණු සන්නායකයේ තඹ පටි කපා සොරකම් කර ඇතැයි කුරුඳුවත්ත පොලිසිය, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (07 වැනිදා) දන්වා සිටියේය.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි අශෝක ජයරත්න විසින් කරන ලද පැමිණිල්ලක් මත, එම සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නගර සභා ගොඩනැගිල්ලේ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කරමින් විමර්ශන පවත්වන බවද කුරුඳුවත්ත පොලිසියේ නිලධාරින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.

නගර සභාවේ සියලුම දේපොළවල ආරක්ෂාව තමාගේ යටතේ තිබෙන බවත්, ඒ සඳහා ආරක්ෂක නිලධාරින් 97 ක් යොදවා සිටින බවත් පැමිණිලිකාර ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයා කුරුඳුවත්ත පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් බණ්ඩාර වෙත කරන ලද පැමිණිල්ලේ සඳහන් වෙයි.

නගර සභාවේ අකුණු සන්නායකය සවිකර ඇති ගොඩනැගිල්ලේ තඹ පටියෙන් අඩි 6 1/2 ක කොටසක් කපා ඉවත්කර ඇති බවත්, ගොඩනැගිල්ලේ වහලයේ කොටසේ සවිකර ඇති තඹ පටියෙන් මීටර් 75 ක් පමණ කොටසක් කපා ඉවත්කර ඇති බවත්, ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ සවිකර තිබූ අකුණු සන්නායකයේ තඹ පටියෙන් අඩි 10 ක් පමණ කොටසක් කපා ඉවත්කර ඇති බවත් සඳහන් කරමින් ප්‍රධාන ආරක්ෂක නිලධාරියා එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

මෙම අපරාධය වී ඇති කොළඹ නගර සභා භූමියේ දිවා රාත්‍රි ආරක්ෂක නිලධාරින් රාජකාරි කරන බවත්, වාහන ඇතුළු වීමට හෝ පිටවීමට පිවිසුම් දොරටු 02 ක් තිබෙන බවත්, එහිද ආරක්ෂක නිලධාරින් සිටින බවත් අධිකරණයට දන්වා සිටි කුරුඳුවත්ත පොලිසියේ සැරයන් සමන් රාජපක්ෂ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බවද දන්වා සිටියේය. 

Related posts

ජාතික ජනබලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය හරිනි අමරසූරියට

colombotoday

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව පිටාර මට්ටමට ආසන්නයි

colombotoday

සාෆි ෂිහබ්දීන් ගැන සමාජ ජාලවල පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයි – රතන හිමි

colombotoday

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ ජාවාරම කරන සමාගම්වල බලපත්‍ර අහෝසි කරන්නැයි උපදෙස්..

Admin

සේවක හිඟයෙන් අදත් දුම්රිය ගමන් වාර 10ක් අවලංගු‍යි

Admin

මරාගෙන මැරෙන බෝම්බ කට්ටල නිෂ්පාදනාගාරයක් වැටලීමට යාමේදී වෙඩි හුවමාරුවක්

colombotoday