ගිනි කන්දක් මත තාච්චියක් තබාගෙන සොසේජස් බැඳගෙන කන ජාතියක් බවට මුළු රටම පත්ව ඇතැයි හිටපු ඇමති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් පස් දෙනෙකුවත් රටේ තත්ත්වය නිසි ලෙස හඳුනා නොගත් පසුබිමක තමන් තවදුරටත් පාර්ලිමේන්තුවේ සිටිමෙන් ඵලක් නොමැති බවද හෙතෙම කියා සිටියි.
එනිසා ඉදිරි මැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවීමට තීන්දු කළ බවද ඒ මහතා පැවසීය.
කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.