Colombo Today Local News

මහජන ආරක්ෂක ලේකම්ට එරෙහිව කුමණ්ත්‍රනයක්?

වැල්ල­වත්ත මුහුදු මාර්ගයේ දී දේපොළ හානි පම­ණක් සිදුවූ රිය අන­තු­රක් මුල්ක­ර­ගෙන මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ වත්මන් ලේකම් විශ්‍රා­මික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති රවී සෙනෙ­වි­රත්න මහතා අත්අ­ඩං­ගු­වට ගෙන රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරීම යම් සැල­සු­ම­කට අනුව සිදුවූ කුම­න්ත්‍ර­ණ­යක් බව ඒ සම්බ­න්ධ­යෙන් කෙරෙන මූලික විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වෙමින් ඇතැයි පොලිස් මූල­ස්ථාන තොර­තුරු සඳ­හන් කරයි.

ඒ අනුව මේ සම්බ­න්ධ­යෙන් පොලිස් විශේෂ විම­ර්ශන ඒක­කය (siu) පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර ඇතැයි පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

මෙම අන­තුර සිදු­වන විට පොලි­ස්ප­ති­ව­රයා ලෙස සේවයේ නිර­තව සිටි සී.ඩී. වික්‍ර­ම­රත්න මහතා විසින් සට­හන් තැබූ පොතක් ද එම ඒක­කය සිය භාර­යට ගෙන ඇති බව ආරංචි මාර්ග අනා­ව­ර­ණය කළේය.

මෙම අන­තුර සිදු­වන්නේ පසු­ගිය වසරේ ඔක්තෝ­බර් 28 වැනිදා රාත්‍රී කාලයේ දී ය. රවී සෙනෙ­වි­රත්න මහතා බම්බ­ල­පි­ටිය දෙස සිට දෙහි­වල දෙසට ජිප් රථ­ය­කින් ගමන් කර­මින් සිටිය දී එම ජිප් රථය වැල්ල­වත්ත පොලිස් වසමේ දී මාර්ගය අයිනේ නවතා තිබුණු බස් රථ­යක හා මෝටර් රථ­යක ගැටී තිබුණි. දේපළ හානි පම­ණක් සිදුව තිබුණු මෙම අන­තු­රින් රවී සෙනෙ­වි­රත්න මහ­තාට සීරීම් තුවා­ල­ය­ක්වත් නොවීය.

වැල්ල­වත්ත පොලි­සිය මේ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පවත්වා අන­තු­රක් වළක්වා නොගැ­නීම සම්බ­න්ධ­යෙන් සහ බීම­තින් රිය පැද­වීම සම්බ­න්ධ­යෙන් රවී සෙනෙ­වි­රත්න මහ­තාව අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණි.

මෙම අන­තුර පොලිස් ඇප ලබා දිය හැකි වර­දක් වූවත් ඉහළ පොලිස් නිල­ධා­රි­යකු සහ දේශ­පා­ල­න­ඥ­ය­කුගේ මැදි­හ­ත්වී­මෙන් රවී සෙනෙ­වි­රත්ත මහතා අධි­ක­ර­ණ­යට ඉදි­රි­ප­ත්කර රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට සූදා­න­මක් ඇති බව රවී සෙනෙ­වි­රත්න මහ­තාට සමීප හිත­වත් විශ්‍රා­මික හා ඒ වන විට සේවයේ සිටි නිල­ධා­රීන්ට දැන­ග­න්නට ලැබී තිබී ඇත. ඒ බව එම නිල­ධා­රීන් එව­කට පොලි­ස්ප­ති­ව­රයා ලෙස සේවයේ නිර­තව සිටි සී.ඩී. වික්‍ර­ම­රත්න මහ­තාව දැනු­ම්වත් කර තිබේ. එවිට සී.ඩී. වික්‍ර­ම­රත්න මහතා වැල්ල­වත්ත පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යාට දුර­ක­තන ඇම­තු­මක් ඔස්සේ කතා කර අන­තුර සම්බ­න්ධ­යෙන් තොර­තුරු විමසා බලා රවී සෙනෙ­වි­රත්න මහ­තාට ඇප ලබා­දී­මට හැකි­යාව ඇති බැවින් ඇප ලබා දෙන ලෙස දැනුම් දී තිබේ. එහි දී වැල්ල­වත්ත පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා පොලි­ස්ප­ති­ව­ර­යාව දැනු­ම්වත් කර ඇත්තේ පොලි­ස්ප­ති­ව­ර­යාට පහ­ළින් ඒ වන විට සිටි යම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යෙක් විසින් ඇප ලබා නොදෙන ලෙස තමාට නියෝග ලබා දී ඇති බවය. එහි දී පොලි­ස්පති සී.ඩී. වික්‍ර­ම­රත්න මහතා වැල්ල­වත්ත පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යාට පවසා ඇත්තේ ඇප ලබා­දීම තම නියෝ­ග­යක් සේ සලකා කට­යුතු කරන ලෙසත් ඒ සම්බ­න්ධ­යෙන් පොලිස් පොතේ සට­හ­නක් ද තබන ලෙසත්ය. අන­තු­රුව පොලි­ස්ප­ති­ව­රයා එව­කට කොළඹ දකුණ කොට්ඨා­සය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­ර­යාට ද ඇම­තු­මක් දී පවසා ඇත්තේ රවී සෙනෙ­වි­රත්න මහතා පොලිස් සේවයේ සිටි කීර්ති­මත් නිල­ධා­රි­යෙක් බැවින් ඔහුට නරක විදි­හට සැල­කීම උචිත නොවන බවය. එබැ­වින් පොලිස් ඇප ලබා­දී­මට අවශ්‍ය කට­යුතු කරන ලෙස ඔහුට ද දැනුම් දී තිබී ඇත. එවිට එම නිල­ධා­රියා ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යා­ගෙන් එල්ල­වන බල­පෑම ගැන පැව­සීම හේතු­වෙන් පොලි­ස්පති සී.ඩී. වික්‍ර­ම­රත්න මහතා විසින් ඒ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යාට දුර­ක­තන ඇම­තු­මක් මඟින් දැනුම් දී තිබේ. එම ඇම­තු­මෙන් ටික වේලා­ව­කට පසු යම් දේශ­පා­ල­න­ඥ­යකු විසින් සී.ඩී. වික්‍ර­ම­රත්න මහ­තාට දුර­ක­තන ඇම­තු­මක් ලබා­ගෙන රවී සෙනෙ­වි­රත්න මහ­තාට ඇප ලබා­දී­මට නියෝග ලබා­දීම ගැන දොස් නඟා ඇති බව සඳ­හන්ය. අව­සා­නයේ දී සිදුව ඇත්තේ රවී සෙනෙ­වි­රත්න මහතා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­ම­ටය. එහි දී ඔහු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත විය.

මෙම සිදු­වීම මුල්ක­ර­ගෙන විශ්‍රා­මික පොලිස් නිල­ධා­රීන් සංවි­ධා­න­ගත වෙමින් රවී සෙනෙ­වි­රත්න මහ­තාට මෝස­මක් මඟින් ඇප ලබා ගැනී­මට කට­යුතු කළ අතර පොලිස් සාමූ­හි­කය ලෙස වර්ධ­නය වෙමින් වත්මන් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ජනා­ධි­පති කර­වීමේ සට­නට රවී සෙනෙ­වි­රත්න මහතා නාය­ක­ත්වය ගන්නේ එම පොලිස් සාමූ­හි­කය හර­හාය.

ගයාන් කුමාර වීර­සිංහ

Related posts

වැඩිමිලට ඉන්ධන විකුණු බවුසර් රථයක් අත්අඩංගුවට

colombotoday

රාජ්‍ය සේවකයින් හෙට සිට කොටස් වශයෙන් සේවයට කැඳවීමට අවසර

colombotoday

පෞද්ගලික සහයකත් රනිල් හැර යයි.. දිග ලිපියක් ලියා ඉල්ලා අස්වෙයි

colombotoday

ජූලි 14 තෙක් හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නේ නෑ – නීතිපති

colombotoday

රජය විසින් ආරම්භ කල එළවලු මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සාධනීයයි – ජනතා විමුක්ති පෙරමුණ

colombotoday

මම බෝම්බ ගැහුවෙත් නෑ. කෝටි 10 වන්දි මුදල ගෙවන්න තව මාස 3යි – මෛත්‍රී ආධාර ඉල්ලයි

Admin