Colombo Today Local News

බිත්තර මිල වැඩිවුන එක හොඳයි-කෘෂිකර්ම ලේකම් කියයි

බිත්තරයක් රුපියල් 36ත් 37ත් අතර මිලක පවත්වා නොගතහොත් කර්මාන්තය කඩාවැටීමේ අවදානමක් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් එම්.පී. නිශාන්ත වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ මේ වන විට කර්මාන්තයට අවශ්‍ය කුකුල් කෑම සඳහා යන වියදම අඩුකර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවයි.

එම වියදම අඩු කරගත් පසු බිත්තරයක් රුපියල් 29ත් 30ත් දක්වා මිලකට වෙළෙඳපොළට නිකුත් කළ හැකි බවත් ඔහු පැවසීය.

බිත්තරයක් නිෂ්පාදනයට රුපියල් 32-33 වියදමක් යන බවත් ඉන් වැඩි කොටසක් වැයවන්නේ කුකුල් කෑම සඳහා බවත් පවසන ලේකම්නරයා එම කෑම මිල 80%ක් පමණ රඳා පවතින්නේ බඩ ඉරිගු මිල මත නිසා යම් ගැටලුකාරි තත්ත්වයක් ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.

Related posts

එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වෙයි

colombotoday

අද සිට විදුලි කප්පාදුව අත්හිටුවයි

Admin

මන්ත්‍රීලා එකෙක් දෙන්නෙක් මිය යා හැකියි….

colombotoday

සමගි ජන බලවේග ජන රැලියට අධිකරන නියෝග.

Admin

ලාම්පුවක් පෙරළී පාඩම් කරමින් සිටි සිසුවියක් පිලිස්සී මරුට

colombotoday

2020 උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

colombotoday