Colombo Today Local News

උගන්ඩාවේ සල්ලි ගේන්න පරම්පරාවේම සහය හිමි වෙයි

රාජපක්ෂලා විසින් සොරකම් කර උගන්වාවේ හා සීෂෙල්ස් දූපත්වල සඟවා ඇති බවට චෝදනා එල්ල වන ධනය රැගෙන ඒමට තමාගේ සහ තම පරම්පරාවේම සහයෝගය උපරිමය ලබා දෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂික හමුවක් අමතමින් හෙතෙම මෙසේ කියා සිටියේය.

“රාජපක්ෂලා හොරකම් කළ සල්ලි උගන්ඩාවේ තියෙනවා නම් ඒ සල්ලි ආපසු අරන් එන්න අපි උපරිම සහයෝගය දෙනවා. අපි දන්න කියන කවුරු හරි උගන්ඩාවේ ඉන්නවා නම් මේ වැඩේට උදව් කරන්න.

ඒවා ගෙනවා නම් මේ ණය ගෙවන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඩොලර් බිලියන 18ක් තියෙනවා කියනවා නේ. එතකොට IMF එක ඕන නැහැ. ලෝක බැංකුව ඕනත් නැහැ.

මගෙත් අපේ පවුලෙත් අපේ පක්ෂයෙත් උපරිම සහයෝගය දෙනවා, ඉක්මනට මේ සල්ලි ටික ලංකාවට ගේන්න.”

Related posts

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීම ජනපති ප්‍රධානත්වයෙන් 5 වනදා..

colombotoday

‘අබ්දුල් රාසික්‘ නිසා මුස්ලිම් කවුන්සිලය ඉරාජ්ට එරෙහිව අවි ඔසවයි !!

colombotoday

මිලියන 130ක කේරළ ගංජා සමග 10ක් අත්අඩංගුවට… ඉන්දීය ජාතිකයින් 05කුත් ඒ අතර

colombotoday

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්….

colombotoday

හිටපු IP ඝාතන සැකකරු STF සමග වෙඩි හුවමාරුවේදී මරුට

Admin

මීළඟ ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාබය නොවෙයි.

colombotoday