Colombo Today Local News

අයි.එම්.එෆ්. සාකඡාවට මුදල් ඇමති නෑ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නියෝජිත පිරිස සහ නව රජය විසින් IMF සාකච්ඡා සඳහා පත් කර ඇති ආර්ථික කණ්ඩායම අතර හමුවක් ඊයේ (02) ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, IMF වැඩසටහනේ ප්‍රගතිය සහ ඩොලර් බිලියන 2.9ක විස්තීරණ අරමුදල් පහසුකමේ සිව්වන වාරිකය ලබා දීමට අදාළ සාකච්ඡා පැවැත්වීම මෙම සංචාරයේ අරමුණ වී ඇති බව ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මෙතෙක් පැවති වැඩසටහන පිළිබඳ සමාලෝචනයක් මෙහිදී දෙපාර්ශ්වය විසින් සිදු කරන ලද අතර එම ඉදිරි කටයුතු වෙනුවෙන් වු සැලසුම් පිළිබඳව ද කරුණු ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකාව පිළිබඳ ධනාත්මක ආකල්පය ඉහළ නංවමින් වත්මන් රජය යටතේ රට තුළ සිදුවෙමින් පවතින නව ප්‍රතිසංස්කරණ පිළිබඳ මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සිය ප්‍රශංසාව පළ කළ බව ත් ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ සහයෝගය ලබා ගැනීම පිළිබඳ තීරණාත්මක පියවරක් මෙහිදී සනිටුහන් කළ බව ත් ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර්, නේවාසික නියෝජිත ආචාර්ය සර්වත් ජහාන් සහ ආර්ථික විද්‍යාඥ මානවී අබේවික්‍රම මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී ඇත.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආර්ථික ප්‍රතිපත්ති කවුන්සිලයේ සභාපති සහ ආර්ථික කටයුතු සහ මූල්‍ය කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත ඇතුළු ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කවුන්සිලයේ සුනිල් හඳුන්නෙත්ති ද මෙම සාකච්ඡාව සහභාගී වූ බව ය.

එමෙන් ම, මහාචාර්ය සීතා බණ්ඩාර රණතුංග, සුනිල් ගමගේ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි, මහාචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා, අමරසේන අතුකෝරළ යන පිරිස මෙම අවස්ථාව සඳහා සහභාගී වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති පෙර සාකච්ඡා සඳහා එවක ජනාධිපති මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වුව ද වර්තමාන ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ජනාධිපති අනුර දිසානායක මහතා සහභාගී නොවීම විශේෂත්වයකි.

Related posts

අධිචෝදනා 7573ක් ඇවන්ගාඞ් නඩුව විභාගයට නීතිපති ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

colombotoday

කොළඹ ප්‍රදේශ රැසකට පැය 14 ක ජල කප්පාදුවක්

colombotoday

කොරෝනා අසාදිතයින්ට ප්‍රතිකාර සදහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් බවට

colombotoday

කොටි සංවිධානයේ නැගෙනහිර නායකයාව කටයුතු කල කරුණා අම්මාන් කල දේවලට සමාව දෙනවා-SB

colombotoday

පොහොට්ටුවේ නාම යෝජනා බලාපොරොත්තුවෙන් සිටි බහතුරයකට නාම යෝජනා නොදෙයි

colombotoday

පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසියට

colombotoday