Colombo Today Local News

දළඳා මාලිගාවේ වෙඩින් ප්‍රී ෂූට් එකක්

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව තුළ මංගල ඡායාරූප (ෆ්‍රී ෂූට්) රූගත කළ යුවළගෙන් මහනුවර පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ, දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සිදු කළ දැනුම්දීමකට අනුවයි.

දළදා මැදුර තුළ හේවිසි මණ්ඩපය, අම්බරාව ඇතුළු ස්ථාන ගණනාවක මෙම යුවළ ඡායාරූපවලට පෙනී සිට තිබුණා.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ද දැඩි කතාබහක් නිර්මාණය වූ බව සඳහන්.

මේ පිළිබඳව තමන් දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසියට දැනුම්දුන් බවයි, දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කියා සිටියේ.

මෙහිදී දලඳා මාලිගාවේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධරීන්ගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් පවසා සිටියේ ඉහළ බලපෑමක් මත මෙම යුවලට මංගල ඡයාරූපගත කිරීමට ඉඩ සැලැස්වීමට සිදු වූ බවයි.

Related posts

9 වෙනිදා මීගමුවේ පහරදී මංකොල්ල කෑම්: පල්ලියේ සීනුව නාද කර මිනිස්සු රැස් කළා. ව්‍යාපාර විනාශ කළා. – කතෝලික යුවලක් සියල්ල හෙළිකරයි.

colombotoday

දිවයිනේ රෝහල් රැසක කණිෂ්ඨ කාර්ය මණ්ඩල වැඩ වර්ජනයක

colombotoday

කොච්චිකඩේ පල්ලිය අසලින් තවත් බෝම්බයක් හමුවෙයි…

colombotoday

නව උපාධිධාරීන් 5,450කට ගුරු පත්වීම්

Admin

2020 වනවිට මාරාන්තික දුම්කොළ වගාව සහමුලින්ම තහනම් කරනවා – ජනපති අවධාරණය කරයි

colombotoday

බැදුම්කර බෑණා “ස්වර්ණවාහිනිය“ සල්ලිවලට ගන්න යයි ! අලුත් පත්තරේ ලබන වසරේ මුල

colombotoday