Colombo Today Local News

නීතිඥවරයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් ඓතිහාසික තීන්දුව

නඩු දෙකකට පෙනී සිටීම සඳහා හිමිනමකගෙන් රුපියල් ලක්ෂ 44 කට අධික මුදලක් ලබාගෙන නිසි පරිදි පෙනී නොසිටීම තුළින් නීතිඥ සරත් විජේසිරි ද සිල්වා මහතා නීතිඥවරුන්ගේ ආචාර ධර්ම උල්ලංඝනය කර තිබෙන බවත් ඔහුගේ නීතිඥභාවය අහෝසි කිරීමට තීරණය කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

එසේම නීතිඥ භාවයෙන් නෙරපා හරිනු ලැබූ තැනැත්තා විසින් රුපියල් මිලියන තුනක වන්දියක් ඊයේ දින සිට මාස තුනක් ඇතුළත පැමිණිලිකාර හිමිනම වෙත ගෙවිය යුතු බවත් එම නියෝගයේ සඳහන් .

දිවුලපිටිය, වැල්ලව ශ්‍රී චන්දානන්ද හිමියන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව අචල වෙංගප්පූලි, කුමුදුනි වික්‍රමසිංහ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයි රාජා මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

පැමිණිලිකාර හිමියන් කියා සිටින්නේ ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් තමන් වහන්සේ විසින් මිනුවන්ගොඩ සහ කුරුණෑගල දිසා අධිකරණ වල නඩු දෙකක් පවරා තිබූ බවයි.

වග උත්තරකාර නීතිඥවරයා එම නඩුවලට පෙනී සිටීම සඳහා රුපියල් 4450000/-ක මුදලක් තමන් වහන්සේගෙන් ලබා ගත් බවත් ඉන් පසුව නිසි ආකාරයෙන් නඩු විභාගය සඳහා පෙනී නොසිටි බවත් පැමිණිලකාර හිමිනම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර තිබුණා.

මේ තුළින් තමන් වහන්සේට දැඩි අගතියක් සිදුවූ බවත් එම පැමිණිල්ලේ උන්වහන්සේ ප්‍රකාශ කළා.

Related posts

සරුංගල් සිද්ධියකට පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කරයි

colombotoday

උතුරු නැගෙනහිර රදගුරුවරුන්ට එරෙහිව හින්දු සම්මේලනය වීදි බසියි

colombotoday

අනතුරක් සිදුකර පලාගිය අයෙක් අත්අඩංගුවට

Admin

මහින්ද සහ රනිල් අතර හමුවක්

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති ගත් තීරණය නීත්‍යානුකූලයි – නීතිපත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි

colombotoday

ඉරාන ජනපති මෙරට නිල සංචාරයක

Admin