Colombo Today Local News

ජනාධිපති රුපියල බේරාගත් විදිය කියයි

විධිමත් සැලැස්මකින් තොරව රටේ ආර්ථිකය ගොඩනැගීමට හැකියාවක් නොමැති බව ස්වාධින ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ අසීරු තීරණ ගැනීම මඟින් රුපියල ශක්තිමත් කිරීමට හැකිවීම හරහා ආර්ථික අර්බුදය තාවකාලිකව විසඳීමට හැකියාවක් ලැබී ඇති බවය.

ඇහැළියගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

“එදා මම එක්ක මේ කණ්ඩායම ආවා බය නැතුව භාරගන්න. එක එක පක්ෂවලින් රැස්වුණා. අපි භාරගත්තා ආණ්ඩුව. ඉස්සරවෙලා රුපියල බේරගත්තා. අපිට අමාරු තීරණ ගන්න සිදුවුණා. 2023 ජීවත් වෙන්න, ජීවන බර වැඩියි. අපි කවුරුත් කියනවා ඒත් කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒ පියවර ගත්තේ නැතිනම් අපි මේ තත්ත්වයේ ඉන්නේ නැහැ. ග්‍රිසීයේ වගේ අපි ඉන්නේ. එතන ඉඳන් අපි රුපියල ශක්තිමත් කළා. ආර්ථිකය ශක්තිමත් කළා. 2023දී අපිට අස්වැසුම දෙන්න පුළුවන් වුණා සමෘද්ධිය වගේ තුන්ගුණයක්.

දැන් බලන්න 2024දී අපි දීලා තියෙන සහනාධාර. මේක අපි ආරම්භ කරලා තියෙනවා. මෙතනින් අවසන් වෙන්නේ නැහැ. තවත් වැඩ කටයුතු කරන්න තියෙනවා. අපි තව තවත් ආර්ථිකය ශක්තිමත් කරනවා. දළ දේශීය නිෂ්පාදනය වැඩිකරනවා. ඒ නිසා රුපියල ශක්තිමත් වෙනවා. මම ඇවිල්ල තියෙන්නේ දැන් අපි ගත්ත පියවර අනාගතයට ගෙනියන්න. ඒක තහවුරු කරන්න. මේක අවුරුද්දකින් දෙකකින් කළා කියලා, තහවුරු වීමක් නැහැ. ආයම වැටෙන්න පුළුවන්. ඒ නිසා සැලැස්මක් තියෙනවා නම් විතරයි අපිට ඉදිරියට යන්න පුළුවන්.”

Related posts

සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවටත් බාහිර පුද්ගලයින් පැමිණීම අත්හිටුවයි

colombotoday

ජොන්ස්ටන් සහ රත්තරන් නායකත්වය දුන් දිස්ත්‍රික්ක දෙකෙහි ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය අඩුයි.

colombotoday

කොටින්ට විරුද්ධ සටනේ සයුර ජයගත් වීරයා සෙන්පති කරන්නාගොඩ බිලි දෙන්නේ ඇයි?

colombotoday

කෘෂිකර්මේ සල්ලි ගිලින “සබීතා පාය“ ගැන හොයන්න සය පුද්ගල කමිටුවක්…

colombotoday

කසල කන්ටේනර් මෙරටට ගෙන්වා සිදු කළ හානියට රුපියල් මිලියන 1600කට අධික වන්දියක් ලංකාව ඉල්ලයි

colombotoday

රණවිරුවන් පීඩනයට පත් කරන්න කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නෑ රණවිරුවන් ආරක්ෂා කිරීමට තමා සැමවිටම කැපවෙන බව ජනපති ජාතියට කියයි

colombotoday