Colombo Today Local News

ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කිරීමට ගිය අරුන්දික ස්වාධීන වෙයි

පොදු ජන පෙරමුණෙන් ඉවත් වී ජනාධිපතිවරයාට සහයෝගය දැක්වීමට ගිය රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද දිනයේදී ස්වාධීන වෙමින් පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළේය.

එහිදී ඒ මහතා කියා සිටියේ ජනාධිපතිවරයා දිනවීමට කටයුතු කිරීමට තමන් පියවර ගත්තද එහි කිසිවක් සිදුනොවන බවත්, යම් අශුද්ධ සන්ධානයක් දිනවීමට කටයුතු කරන බවට සැකයක් මතුවන බවත්ය. එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති රනිල් දිනවීමට කිසිදු වැඩකොටසක් සිදු නොකරන බවටද එතුමා එහිදී චෝදනා කලේය.

ඔහු පවසා සිටියේ ජනාධිපතිවරණයෙන් පසුව විශාල සමාජ කැළඹීමකට මේ වන විටත් කටයුතු සිදු වෙමින් පවතින බවකි.

ඔහු තව දුරත් පවසා සිටියේ අශුද්ධ සංධානයක් බලය පැමිණීමට පෙර රනිල් සජිත් යන දෙපාර්ශවය එක් විය යුතු බවත්,මෙම අශුද්ධ සංධනය පරාදය කිරීමට සූදානම් ඕනෑම පාර්ශවයක් සමග සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

Related posts

ඔස්ට්‍රියාවෙන් මොරටු සරසවියට නවීන අංග සම්පූර්ණ මෝටර් රථ විද්‍යාගාරයක්

colombotoday

බේබදු පියාගේ උදලු පහරින් දියණිය මරු දකී

colombotoday

දියර කිරි ලීටරයක මිල රුපියල් 40 කින් ඉහළට

colombotoday

‘ශ්‍රීලනිප පිංගුත්තරයො, පිනට ඇමතිකම් අරන් අගමැති එලවන්න හදනවා’ – ඇමති දිලිප් වෙදආරච්චි

colombotoday

ඩොලර් බිලියන 1.8ක ආයෝජන මෙරටට

Admin

ඉන්දියන් ලොරි තට්ටු වෙනුවට, ලංගමය ට සුපිරි චීන බස්… පළමු තොගය කොළඹට එයි…

colombotoday