පළවා හරින ලද අගමැති ශෙයික් හෂීනාගේ පාලන කාලය තුළ දේශපාලකයන් ඍජුව ම ගිනි අවිවලින් සන්නද්ධ කරන ලද ආකාරය හෙළි වී තිබේ.
එරට පළ කරන The Daily Star පුවත්පත 2023 නොවැම්බර් 15 වෙනි දින ඒ සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළි කර තිබිණි. එහි පැහැදිලිව දක්වා තිබෙන්නේ දේශපාලඥයින් හට ගිනි අ-වි 10,215ක් නිකුත් කර ඇති අතර සංවිධාන වෙත ගිනි අ-වි 5,084ක් ලබා දී ඇති බව ය. ඊට අමතරව එම රට තුළ නීත්‍යානුකූල බලපත්‍ර සහිත ගිනි අ-වි 50,310ක් නිකුත් කර ඇති බව එම පුවත් වාර්තාවේ සඳහන් වේ.