Colombo Today Local News

වසන්ත හඩපටයක් එළියට දමන්න සූදානම්

පසුගිය රජය සමයේ මත්පැන් බලපත්‍ර ලබාදීම සඳහා සුරා බදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් ලක්ෂ දෙසීයක කොමිස් මුදලක් අල්ලස් ලෙස ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව ජාතික ජන බලවේගය විධායක සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

එලෙස අල්ලස් ලබාදී විවෘත කළ සුරාහල්වල සියලු විස්තර මෙන්ම එම දූෂිත ගනුදෙනුවල අදාළ හඬ පටද තමන් සතු බව හෙතෙම කියා සිටී.

අල්ලස් ලබා නොදුන් පුද්ගලයන්ට මත්පැන්හල් බලපත්‍ර ලබා නොදීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබූ බවද පවසන ඔහු මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදු කර රටට අයවිය යුතු බදු මුදල් අය කර ගැනීමට කටයුතු කළ යුතු බවද පැවසුවේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

මන්ත්‍රීවරුන් යහමගට ගන්න වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙන් කතානායකට ලිපියක්

colombotoday

සර්ව පාක්ෂික රජයකට සාකච්ඡා ඇරැඹෙි

colombotoday

උද්ධමනය 40% ඉක්මවීමේ අවධානමක. මහ බැංකුව පසුගිය සති දෙකේදී බිලියන 104ක් අච්චු ගහලා

colombotoday

මැදවච්චිය වන විනාශය උග්‍ර වෙයි. අඩවි වන කාර්යාලයෙනුත් සහය

colombotoday

අදත් කොළඹින් පිටට ගෑස් සිලින්ඩර් 60,000 ක්

colombotoday

ගෑස් ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමට ප්‍රමිති ආයතනයට අවසර දෙයි

colombotoday