Colombo Today Local News

ජනාධිපතිගේ සෑම පත්කිරීමක්ම අවුල් සහගතයි

අනුර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු කරන කරන සියලුම පත්වීම් වල යම් ප්‍රශ්නයක් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතා සඳහන් කරයි.

ඒ ඇතැමුන්ගේ චරිතය සම්බන්ධ ප්‍රශ්න ඇති බවත්, ඇතැමුන් අධිකරණ හරහා දඬුවම් ලබන පුද්ගලයන් බවත්, සමහර පුද්ගලයන් අධිකරණවල නඩු පවතින පුද්ගලයන් බවද හෙතෙම පෙන්වා දෙයි.

ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වන විට ඔවුනට දැනට ඇති සියයට හතළිස් දෙකේ ඡන්ද ප්‍රමාණය ද නැති වනු ඇති බව තමන් විශ්වාස කරන බවත් ඔහු පැවසුවේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙල අකුරක්වත් නෑර ඉදිරියට ගෙන යන කණ්ඩායම සිටින්නේත් අනුර දිසානායක මහතා සමගත පැවසූ ඔහු ‘රනිල් කියන්නෙත් අනුර.. අනුර කියන්නේ රනිල්’ යයිද කියා සිටියේය.

පානදුර ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදි

Related posts

කතානායකට පුටුවේ චූ ගියා. වීඩියෝ තියෙනවා. – ලක්ෂ්මන් යාපා අඹේවර්ධන

colombotoday

ඇලෝසියස්ගේ දුරකථන දත්ත වාර්තාවෙන් අගමැතිගේ අංකයත් මතුවෙයි !

colombotoday

අල කන්ටේනරයේ සගවා හෙරොයින් ගෙන්වූ මොහොමඩ් ජාන්ට මරණ දඩුවම !

colombotoday

බදු චක්‍රලේඛය නිකුත් වෙයි… උපයන වැටුපට හරියටම බදු වදින හැටි මෙන්න

colombotoday

ජනපති හා පොහොට්ටුවේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් අතර හමුවක්

Admin

තරුණියට හදි කරන්න හැදූ ක්‍රිකට් ක්‍රීඩකයාට මාතරදී ගුටි පුජාවක්

colombotoday