Colombo Today Local News

වාහන වෙන්දේසි කර රාජ්‍ය නිලධාරීන්ට ත්‍රී-වීල් ලබා දීමට යෝජනාවක්

වාහන පෙන්වමින් ජනතාව නොමග නොයවා එම වාහන වෙන්දේසි කොට එම මුදල් භාණ්ඩාගාරයට ලබා ගන්නා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් කරයි. ඔහු මෙම ඉල්ලීම සිදුකළේ ඊයේ (26) ජනාධිපති ලේකම් කාර්යාලය අවට නවතා තබා ඇති සුඛෝපභෝගි වාහන සම්බන්ධව මාධ්‍ය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඔහු එහිදී මෙසේද අදහස් දැක්වීය.

වාහන පෙන්නලා පොඩි සන්තෝෂයක් ලබනවා මම හිතන්නේ. 2015 දී ජෝන් අමරතුංග ඇවිල්ලා වාහන සංදර්ශනයක් තිබ්බා. ගෝල් ෆේස්පිටියේ. මේ වාහන පාවිච්චි කරලා තියෙන්නේ ඇමැතිවරු මන්ත්‍රිවරු නෙමෙයි. මේ වාහන පාවිච්චි කරලා තියෙන්නේ ජානාධිපති කාර්ය මණ්ඩලය සහ රජයේ නිලධාරින්. මම ජනාධිපතිගෙන් ඉල්ලීමක් කරනවා මේ වාහන වෙන්දේසිකරලා ඒ මුදල් මහාභාණ්ඩාගාරයට ගන්න. ඉන්පසුව ත්‍රිවිල්වලින් ගිහින් රජයේ නිලධාරින්ට වැඩ කරන්න කියන්න.

Related posts

අත්-කට ගැට ගසා සිදුකළ අමානුෂික ඝාතනය ගැන හෙළිදරව්වක්

Admin

ජනපති ගමේ ගිහින් බැදුම්කර වාර්තාව කියවයි.. ඊළග පියවර ගැන සාකච්ඡාවට අගමැති කැදවයි !

colombotoday

කොළඹ ආශ්‍රිතව මාස තුනක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

Admin

දවස් තුනට කොවිඩ් රෝගීන් 89ක්.. අවදානම තවමත් තුරන් වී නැහැ – හමුදාපති

colombotoday

මුතුරාජවෙල පරිසර සංවේදී කලාපයක් කළ ගැසට්ටුව බල රහිත කරන්නැයි පරිසරය සුරැකීමේ සංවිධානයකින් පෙත්සමක්

colombotoday

ඇමතිලාට වාහන ගන්න තවත් කෝටි 37ක් ඉල්ලයි.. පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

colombotoday