Colombo Today Local News

දේශපාලඥයන්ට පාසල වැසෙයි

ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටුවිය යුතු බවත්, පිට වූ ප්‍රශ්න පිලිබඳ පුර්ණ විමර්ශන වාර්තාවක් ස්වාධීන විශේෂඥයින්ගේ දායකත්වයෙන් සිදු කර සිය අවධානයට යොමු කරන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසීය.

අධ්‍යාපන අමාත්‍යංශයේ සියළු අංශවල නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය,

පාසල් අධ්‍යාපනය සංවර්ධනය කිරිම වත්මන් රජයේ පුමුඛ අරමුණක්. අපේ රජය යටතේ අධ්‍යාපනය සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමට අපි තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය සහ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇතිවී තිබෙන අවිශ්වාසය නැති කිරීමට මේ ආයතන කටයුතු කළ යුතුයි. විශේෂයෙන් විභාග පැවැත්වීම හා ප්‍රථිපල ලබාදීම කඩිනම් කරන්න.

ගුරු පුරප්පාඩු පිරවීමේදී නිසි ක්‍රමවේදයක් මගින් සිදුවිය යුතුයි. ජනතාව තුල විශ්වාසය ඇති වන පරිදි විනිවිද භාවයෙන් පුරප්පාඩු පිරවීම සිදු කරන්න වෙනවා. පාසල් පැත්තෙන් මට පොඩි යෝජනාවක් තියෙනවා. ඒක එකපාර කරන්න බැරි උනත් පාසල් වලින් මට වාර්තා වෙනවා මානසික සෞඛ්‍ය මානසික අසහන පිළිබඳ ප්‍රශ්න. මේ ගැන අපි මැදිහත් වෙන්නම ඕන. අපි තේරුම් ගන්න ඕන එකක් තියෙනවා. මේ පරපුර කොවිඩ් වලටත් මුහුණ දුන්නා. ආර්ථිකය කඩා වැටීම නිසා ඇතිවුණු ගෘහස්ථ ගැටලු වලටත් මුහුණ දුන්නා. මේ ඔක්කොමත් එක්ක එන පරපුරක්. පවුල් වල තියෙන ප්‍රශ්න, ගුරුවරුත් එක්ක තියෙන බැඳීම අඩුවීම වගේ ගැටළු මේ පරපුරේ තියෙනවා.

පාසල් දරුවන්ගේ පෝෂණය වැඩිදියුණු කිරීම සඳහා දිවා ආහාර ලබා දීමේ වැඩසටහන් ක්‍රමවත් කිරීමත්, යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී ක්‍රමවත් සහ පිළිගත් ක්‍රමවේදයකට විනිවිදභාවයෙන් සිදු විය යුතු බවත්, මහජන නියෝජිතයින් පාසල් වලට ගෙන්වා ගැනීම නතර කරන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙහිදී පැවසීය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර යන මහත්ම මහත්මීන් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ සියළු අංශ ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගී විය.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Related posts

ස්වාධීන වූ රතන හිමිගෙන් පුළුල් ජාතික බලවේගයක්.. ඉලක්කය 2020 !

colombotoday

කන්කසන්තුරයේදී පොලිස් නිලදාරියෙකුට පහරදෙයි දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

අජිත් පී. පෙරේරා සහ සරත් ෆොන්සේකා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවතට

colombotoday

“බංකොළොත් දේශපාලනයට සිංහල බෞද්ධ යැයි බලයක් ලබා නොදිය යුතුයි” – තලතා කියයි

colombotoday

රනිල් එක්ක මහින්ද ආපහු එනවා

colombotoday

හෙට දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

colombotoday