Colombo Today Local News

ඔන්-මැක්ස් සල්ලි දැම්ම අයට විශේෂ නිවේදනයක්

ඔන්මැක්ස් ඩී.ටී. නමැති නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය වංචාවට හසුව මුදල් අහිමිව සිටින තැන්පත්කරුවන්ගේ පැමිණිලි පොලිසිය වෙත ඉදිරිපත් කිරීම සඳහා සුදුසු ආකෘතියක් සියලු ම පොලිස් ස්ථාන වෙත ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඊයේ (සැප්. 25) නියෝග කළේ ය.

මෙම සිද්ධියේ තෙවන සැකකරු වන සම්පත් සඳරුවන් නමැත්තාට ඔක්තෝබර් මස 4 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එම සැකකරු සතුව තිබෙන දේපළ පහක පිඹුරුපත් හා සැලැස්ම එම දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලෙසට ද නියෝග කළේ ය.

එම තැන්පත්කරුවන්ගේ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා සුදුසු ආකෘති පත්‍රයක් සකස් කිරීම සඳහා සියලු ම පොලිස් ස්ථාන වෙත අවශ්‍ය නියෝගයක් ලබා දෙන ලෙසට හා ඉහත සඳහන් කළ තෙවන සැකකරු සතුව තිබෙන දේපළ පහක පිඹුරුපත් හා සැලැස්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝගයක් ලබා දෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධි නීතිඥ ඔස්වලඩ් ලක්ෂ්මන් ප්‍රනාන්දු මහතා කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියෝග කෙරිණි.

එම සිද්ධියට අදාළ නඩුව ඊයේ අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේ ය.

අගතියට පත් පාර්ශ්වයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.

Related posts

මලික් සමරවික්‍රමලාට ගමේ යූ.ඇන්.පී කාරයාගේ හදගැස්ම තේරෙන්නෑ.. එජාප අවුලට හේතුව තිස්ස පැහැදිළි කරයි

colombotoday

2021 දක්වා, අවුරුදු හයම ඉන්න පුලුවන්දැයි ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අසයි…

colombotoday

කැබිනට් ඇමතිවරුන්ගේ අගෝස්තු වැටුප කොවිඩ් අරමුදලට

colombotoday

මැතිවරණය නීතී උල්ලංඝනය කිරීමේ පැමිණිලි දහස පනී

colombotoday

මන්නාරමේ සුරුවම්වලට ගල් ප්‍රහාර

colombotoday

බෑනාගෙන් පහරකෑ මාමා මරු දකී

Admin