Colombo Today Local News

මෛත්‍රීපාල අධිකරණයටත් අපහස කරලා?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් සළකා බැලීම ලබන 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. ඒ අධිකරණයට අපහාස කළේයැයි චෝදනා කරමින් ගොනු කල පෙත්සමකි.

අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ මෙම පෙත්සම අද කැඳවා ඇති අතර, වගඋත්තකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මෙහිදී කියාසිටියේ තම සේවා දායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු ඔහු පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි.

ඒ අනුව ඔහු සභාපති ධුරයේ අඛණ්ඩව කටයුතු කිරීමක් නොකළ බවත් අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අපහාසයක් සිදුකර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන් අතර, පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සදහා දිනයක් ලබාදෙන ලෙසද ඉල්ලා සිටි බව පැවසේ.

Related posts

මේ අගාධයෙන් රට බේරාගන්න තිබෙන එකම මාර්ගය මහා මැතිවරණයි – පැවිදි හඩ

colombotoday

සුළු ඡන්ද ගැන සත්‍ය හා බැසිල්ගේ මිත්‍යාව…

colombotoday

නාමලේඛනය රැගෙන ඒමට ගිය සිසිවියට අත්වූ ඉරණම

Admin

ජනාධිපති මන්දිරයේ දේපළවලට අලාභ හානි කල 32 ක් හඳුනා ගන්න පොලිසිය මහජන සහය පතයි

colombotoday

ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ පුද්ගලයින් 1,141 අත්අඩංගුවේ

colombotoday

ජනපති මෛත්‍රී අපිව විනාශ කළා – විජයකලා

colombotoday