Uncategorized

බංගලාදේශ හමුදාවට අධිකරණ බලය ලබා දෙයි

බංග්ලාදේශ රජය එරට හමුදාවට මහේස්ත්‍රාත් බලය ලබා දී තිබෙනවා.

හමුදාවේ කොමිෂන් ලත් නිලධාරීන්ටයි මෙලෙස බලය ලබා දී ඇත්තේ.

රට පුරා බලපැවැත්වෙන පරිදි විශේෂ විධායක මහේස්ත්‍රාත්වරයෙකුගේ බලය මෙලෙස ලබා දී ඇති බව වාර්තා වනවා.

එරට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 1898 /12(1) වගන්තියේ විධිවිධාන යටතේ දින 60 ක කාලයක් සඳහා මෙම බලතල ලබා දී ඇති බවයි.

ඒ අනුව එරට නීති සංග්‍රහයට එරෙහිව සිදු වන වැරදි සඳහා ජනතාවට දඬුවම් ලබා දීමේ බලය හමුදාවට ද හිමි වනවා.

බංග්ලාදේශයේ ක්‍රියාත්මක රැකියා කෝටා ක්‍රමයට විරෝධය පළකරමින් එරට ශිෂ්‍ය විරෝධතා ආරම්භ වුණේ පසුගිය ජූලි 19වනදායි.

ඉන් පසු රට පුරා ප්‍රචණ්ඩකාරී සිදුවීම් වාර්තා වුණා. මේ හේතුවෙන් හිටපු අගමැතිනි ෂෙයික් හසිනාට සිය ධුරයෙන්ඉල්ලා අස්වීමටද සිදුවුණා.

පසුව අගෝස්තු 8 වනදා බලයට පත් වූ ආචාර්ය මුහම්මද් යුනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්වාර රජය අධිකරණ බලය සම්බන්ධ මෙම තීන්දුව ගෙන තිබෙනවා.

Related posts

දුම්රිය ගාස්තු වැඩිවීමක් නැහැ

colombotoday

සැටදහසක චීවර පුජාව පෙබරවාරි 22 රුවන්වැලි සෑ මළුවේදී. මේ උතුම් පිංකම සඳහා දායක වීමට දැන් අවස්ථාව

colombotoday

ජනක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ධූරයට

Admin

දිගින් දිගටම මගේ හිසට පහර දුන්නා – අවම බලය යොදවපු හැටි සිසුවිය කියයි

colombotoday

රංගන ශිල්පිනී අනූෂා සොනාලි අභාවප්‍රාප්ත වෙයි

colombotoday

මෙගා ඩීල් එකක්! වටිනාකමටත් වඩා වැඩියෙන් ගෙවා ටෙලිකොම් ‘හච්’ ගන්න හදයි

colombotoday