Colombo Today Local News

ලබන වසරේ සිට ලැබෙන සහන මෙන්න

පවතින ආර්ථික ක්‍රමවේදය යටතේ ලබන වසර වනවිට රුපියල තවදුරටත් ශක්තිමත් වී ජීවන බර අඩුවනු ඇති බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා

“එක් කෙනෙක් කියනවා මම ඔයගොල්ලන්ට ඕනේ එකක් දෙන්නම් ලු. අනේ මට ඡන්දෙ දෙන්න කියලා. ඒත් එතුමා දැනගන්න ඕනේ විපක්ෂ නායකයා කියන්නේ, විකල්ප අගමැති. විකල්ප බස් ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ අයට මේක භාරදෙන්නද ? මොකද්ද කරේ රටේ ප්‍රශ්න තියෙද්දි පාසලෙන් පාසලට ගිහින් අට පන්තියේ ළමයින්ට කිව්වා ලෝක ආර්ථිකය කඩා වැටුණා කියලා. ඕකද දේශපාලනය. මොකද්ද අනුර කළේ? 2022 උදව් කරා ද? අමාරු තීරණ අපිට ගන්න වුණා. මම නෑ කියන්නේ නෑ. බදු වැඩිකරන්න වුණා. ඔබට ප්‍රශ්නයක් තිබුණා මම නෑ කියන්නේ නෑ. ගන්න තිබුණ බෙහෙතක් විදියට ඒක කරන්න වුණා. මට කුණුහරුපයෙන් බැන්නත් ඒ දේ කරා. දැන් රුපියල ශක්තිමත් වෙලා. ඩොලර් එකට 300 වෙලා, බඩු මිල ටිකෙන් ටික අඩුවෙලා. තාමත් ප්‍රශ්න තියෙනවා. එන අවුරුද්දේ වෙන කොට රුපියල තවත් ශක්තිමත් වුණාම ජීවන බර සැහැල්ලු වෙනවා.”

කුලියාපිටිය ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.

Related posts

මුහුණු ආවරණ අවිධිමත් ලෙස බැහැර කලොත් අත්අඩංගුවට

colombotoday

නව කතානායක ගලප්පත්ති?

Admin

මනමාලිගේ සැමියා මංගල දා රැ 51කේ මනමාලයාගේ ගෙල කපා මරාදමලා

colombotoday

උද්ඝෝෂණ මඩින්න පොලිසිය කැරලි මර්දන බඩු එකතු කරයි

Admin

ඩෙංගු යැයි සැක කළහැකි රෝගීන් 3,465ක් කොළඹ නගරයේ

Admin

ගල්කිස්සේ පාටිය ගැන හෝටලයෙන් නිවේදනයක්

Admin