Colombo Today Local News

ස්පා තරුණියන් දෙදෙනෙකු පැහැර ගෙන කරපු වැඩේ

බැලුම්මහර ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට කඩා වැදී එහි තිබූ මුදල් ඇතුළු දේපොළ කොල්ලකා සම්බාහනයේ නිරත යුවතියන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් සමූහ දූෂ-ණය කිරීමට සම්බන්ධ සැකකරුවන් 06 දෙනකුගෙන් පස්දෙනෙකු යක්කල පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබූහ.

කඩුවක් අතැතිව එම සම්බාහන මධ්‍යස්ථානයට ඇතුළු වී ඇති හය දෙනකුගෙන් සමන්විත කණ්ඩායම එහි සේවය කළ කාන්තාවන් පස් දෙනකු කාමරයක සිරකර ඔවුන් සතුව තිබූ ජංගම දුරකතන, මුදල් හා අනෙකුත් දේ පොළ කොල්ලකා ඇත.

අනතුරුව ඔවුන් සම්බාහන ආයතනයේ සේවය කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු පැහැරගෙන ගොස් සමූහ දූෂ-ණය කර ඇතැයි පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගත් බව යක්කල පොලිස් ස්ථානාධි පති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේ මහතා ‘දිනමිණට’ පැවසීය.

මෙම කාන්තාවන් දෙදෙනා පැහැරගෙන මීගහවත්ත ප්‍රදේශයේ නිවෙසකට ගෙන ගොස් සමූහ දූෂ-ණයට ලක් කළ බව එම කාන්තාවන් පොලිසියට පවසා තිබේ.

මේ වන විට වෛද්‍ය වාර්තා ලබා ගැනීම සඳහා මෙම කාන්තාවන් දෙදෙනා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස දූෂ-ණයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 33ක් වූ ඉංගිරිය ඌරුගල ප්‍රදේශයේ පදිංචි තෙරපිවරියක සහ වයස අවුරුදු 23ක් වූ කුලියාපිටිය ඉලුක්වෙන ප්‍රදේශයේ පදිංචි තෙරපිවරයකි.

Related posts

උපවාසයේ නියුතු හිමිනම එම ස්ථානයේම අපවත් කරවීමේ සැලසුමක්… උපවාසය අත්නොහරින්නැයි දැඩි බලපෑම් !

colombotoday

භූගත ජලය භාවිතයේදී සැලකිලිමත් වන්න

Admin

ලොව පළමු වරට පිළිකා මඩින්න එන්නතක්

Admin

ස්විස් සේවිකාව ඇප මත නිදහස්

colombotoday

ගුවනින් ආ කුෂ් පන්නන්න බැරි වෙයි

Admin

වික්ටෝරියා ජලාශය ආසන්නයේ නව භූ කම්පන මාන 10ක්

colombotoday