Colombo Today Local News

කොලොම්බියාවේ සිට කටුනායකට ගුවන් මගින්ම කු-ඩු ගෙන්වයි

කටුනායක ගුවන් බඩු ගම්මානයේ තිබි කුරියර් සේවයක් හරහා නිදහස් කරන ලද පාර්සලයක තිබි කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 139 අත්ඩංගුවටගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

කොලොම්බියාවේ බොගොටා නගරයේ සිට ගණේමුල්ල ප්‍රදේශයේ ලිපිනයකට ගුවන් මගින් එවා තිබේ.

එම පාර්සලේ තිබූ විදුලි උපකරණයක සූක්ෂම ලෙස සඟවා තිබියදී මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් සැකපිට මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 සහ 24 වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකු සහ භාණ්ඩ නිෂ්කාශන කල පුද්ගලයකු අත්තඩංගුවට ගෙන ඇතිබව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කොකෙක් ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 75ක් බව පැවසීය.

Related posts

LYCEUM ජාත්‍යන්තර පාසල රජයට පවර ගන්න. | දෙමාපියෝ විරෝධතාවයක

colombotoday

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ බිඳ වැටුණු අංක යථා තත්ත්වයට

Admin

ඡන්දය දිය යුතු කෙනා ජනතාව තීරණය කර ඉවරයි – අගරදගුරුතුමා

colombotoday

“මෙරට ඉතිහාසයේ පළමු වතාවට ජනපති තෝරන පාර්ලිමේන්තු ක්‍රියාවලියට බාධා කරන්න එපා” – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

colombotoday

තවත් බිත්තර මිලියන 92.1ක් ආනයනයට අනුමැතිය

Admin

මහවැලි වේල්ලේ සහ දැදුරු ඔයේ වාන් දොරටු අරී…

colombotoday