Colombo Today Local News

මම මහා පරාක්‍රමබාහු වගේ මට ඡන්දය දෙන්න

රට පාලනය කරපු පරාක්‍රමබාහු රජතුමාගේ කශේරුකාව තමන්ට තිබෙන බව ජනාධිපති අපේක්ෂක රොෂාන් රණසිංහ මහතා පොළොන්නරුව වැලිකන්ද සඳු පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී කීවේය.

ඒ මහතා මෙහිදී වැඩිදුරටත් ජන හමුවේදී මෙසේ කීය.

“ජනතාව හැටනව ලක්ෂයක් ඡන්දෙ දුන්නේ දූෂණය නවත්තලා, හැමෝටම ඒක නීතියක් හදලා, රට ගෙනියන්න කියලා. ඒකට හැට නව ලක්ෂයක් දුන්නට අද මොකද වෙලා තියෙන්නේ. ඒ හැට නව ලක්ෂයට පස්ස දොරෙන් ආපු දැන් ඉන්න ජනාධිපතිවරයා හැට නව ලක්ෂයේ ජනවරමට පයින් ගහලා ඊයේ පෙරේදත් ඇමතිලා හතරක් අයින් කරලා. එතකොට අද රටේ ප්‍රජාතන්ත්‍රවාදයද තියෙන්නේ.

මම කැබිනට් මණ්ඩලේ ෆයිට් කරපු තරමක් වී මණ්ඩලය වී ටික අරගන්න. නෑ වී අලෙවි මණ්ඩලය විකුණලා දාන්න ඕන කියලා කිව්වා. දැන් මිනිහගේ ඡන්දය ආපු හින්දා ඔන්න වී ටික අරගන්න මේ පාර වී අලෙවි මණ්ඩලය ඇරලා තියෙනවා. දැන් අවුරුදු දෙකක් වී මණ්ඩලය වහලා .ඕවට තමයි අපි ෆයිට් කළේ. මේ ක්‍රිකට් එකේ ප්‍රශ්නය විතරක් නෙමෙයි තිබ්බේ. දැන් කියනවා පොහොර සහනාධාරය දෙනවා කියලා. ඕක අද ඊයේ නෙමෙයි කියන්න තිබ්බේ. මීට කලින්.

මම නම් ජනාධිපතිවරයා විදිහට පත්වෙනවා නම් රුපියල් 3000ට සහනාධාරය දෙනවා. දකුණු පැත්තෙන් ආපු ජනාධිපතිවරයා මොකද කෙරුවේ? වී මාෆියා කාරයා ගෙන්නගෙන දකුණු පැත්තේ පුටුවේ ඉන්ද වනවා. ඒ කරලා ජනාධිපති වැටෙනවා උගේ සාක්කුවට උගෙන් අහනවා වී මිල කීයද කරන්න ඕනේ කියලා. ඔය පහුගිය කාලේ ඒ ටික බලන්නකෝ හොරාගේ අම්මගෙන් පෙනෙනවා වගේ.

මගේ පාලනය යටතේ නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 140කුත් සම්බා වී කිලෝවකට රුපියල් 150කුත් කිරි සම්බා වී කිලෝවකට රුපියල් 160 කුත් දෙනවා. ඒක දෙන්න පුලුවන්. වී අලෙවිය මණ්ඩලයේ තව ගබඩා මදි නම් හදන්න ඕනේ. රජය විසින් ඒක තමයි රජය වගකීම. වී ටික ඔක්කොම මිලදී ගන්න ඕනේ කළ හැකි බැරි දේවල් නෙමෙයි.

ඔබ කොයි පළාතෙන් පොළොන්නරුවට පදිංචියට ආවත් ඒ ආවේ ඔබේ ඓතිහාසික උරුමයත් එක්ක. පරාක්‍රමබාහු රජතුමා කියන්නේ මේ රට එක්සේසත් කරලා රට සමෘද්ධිමත් කරලා.සහල් පිටරට යවලා. රටේ ජනතාව සතුටින් තිබ්බ නායකයෙක්. අන්න ඒ ගමන අපි යන්න ඕන. අන්න ඒ කශේරුකාව අපිට තියෙන්න ඕනේ. ඒ සෘජු බව අපිට තියෙන්න ඕනේ. ඒ නිසා තමයි කැබිනට් මණ්ඩලයේ පාර්ලිමේන්තුවේ ජනාධිපති ද මොකාද කියලා මට වැඩක් නෑ.මේක වැරදියි කියන්න මට පුළුවන් වුණේ.

ජනාධිපති කියද්දී ක්‍රිකට් එකට ගහපු තීන්දුව මට ඉල්ලා අස්කර ගන්න කියලා.මම සෘජුව කිව්වා කරන්නේ නෑ කියලා. ඒක කරන්න මට කශේරුකාවක් තිබුණා. කැබිනට් මණ්ඩලය ඇතුළේ කැබිනට් මණ්ඩලය හැලහොල්මනක් නැතුව ඩිම් වෙනකොට මම කිව්වා මම කරන්නේම නෑ කියලා. ඒක තමයි අපිට පරාක්‍රමබාහු රජතුමාගෙන් ලැබිච්ච උරුමය. ”

– තුෂාර තෙන්නකෝන්

Related posts

දමිතා අබේරත්නත් බරපතල වංචා විමර්ශන කොමිසමට

colombotoday

සංවර්ධනය මීටත් වඩා වේගවත් කළ හැකියි.. එසේ නොකරන්නේ “වෙනස” රැකගත යුතු නිසයි – අගමැති

colombotoday

විද්‍යුත් වාහන ආනයනයට අවසර

Admin

අගමැති සහ මහබැංකු අධිපති සිංගප්පූරු යයි

colombotoday

මුහුදු ගිය සැමියා එද්දී බිරිඳ අභිරහස් ලෙස මිය ගිහින්

Admin

දීන වෙලා නිහීන වෙලා සම්බන්ධන්ට, බදුර්දීන්ට,හකීම්ට ඕන විදිහට ජනාධිපති අපේක්ෂකයා තෝරනවා

colombotoday