Colombo Today Local News

ජාත්‍යන්තර අධිකරණය, අතුරුදන්වූවන්ගේ කාර්යාලය දින 90ක් ඇතුළත – UN නිර්දේශ කරයි

un-2232gg
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ ක්‍රියාකාරී කණ්ඩායම දින 90ක් තුළ ක්‍රියාත්මක කළ යුතු බවට දැක්වෙන නිර්දේශ රජය වෙත ඉදිරිපත් කර ඇති අතර ජාත්‍යන්තර නියෝජනය සහිත අධිකරණ ව්‍යුහයක් බිහි කිරීම ඇතුළු නිර්දේශ 09ක් එමගින් ඉදිරිපත් කොට ඇත.

පුද්ගලයන් නිරීක්ෂණ, අඩන්තේට්ටම් කිරීම, ලිංගික හිංසනය නැවැත්වීමට අදාළ නිලධාරීන් නියෝග ලබාදීමට විධිමත් ක්‍රියා පටිපාටියක් සකස් කිරීම, අතුරුදන් වූවන් පිළිබඳ යුක්තිය ඉටුකිරීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට අනුව කටයුතු කිරීම, අතුරුදන් වූවන් සෙවීමේ ජනාධිපති කොමිසමේ විමර්ශනය කරන කරුණු ස්වාධීන ආයතනයක් යටතට පත් කිරීම, අතුරුදන් වූවන්ගේ කාර්යාලය විපතට පත් වූවන්ට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙසට සැකසීම,

අතුරුදන් වූවන්ගේ කාර්යාලය විසින් සොයාගන්නා තොරතුරු භෞතික සාධක ඉදිරියේ දී නීතිමය කටයුතු සඳහා ආරක්ෂා කිරීම, සත්‍ය සෙවීමේ කොමිසමට මානව අයිතීන් ආරක්ෂා කරන්නත්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළත් කිරීම, අතුරුදන් වූවන් සෙවීමේ ජනාධිපති කොමිසමේ විමර්ශනය කරන කරුණු ස්වාධීන ආයතනයක් පිහිටුවා එය යටතට පත්කිරීම, කාන්තා සහ ළමා අයිතීන් ආරක්ෂා කිරීමට ප්‍රතිපත්ති මාලාවක් නිර්මාණය කිරීම යන යෝජනා ඊට ඇතුළත් වේ.
මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට දින 90ක කාලයක් තුළ කටයුතු කරන ආකාරය දක්වන සැලැස්මක් ඉදිරිපත් කළ යුතුය.

එමෙන්ම අතුරුදන් පුද්ගලයින් සෙවීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර ඉතා සාධනීය මට්ටමක පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ ක්‍රියාකාරී කණ්ඩායම සඳහන් කර ඇත. අද (13) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ආරම්භ වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 33 වැනි සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාර්තාව නිකුත් කරමින් එම කණ්ඩායම මේ බව සඳහන් කර ඇත.

පිටු විසිදෙකකින් සමන්විත මෙම වාර්තාව අද දිනයේ දී න්‍යායපත්‍රයේ තුන්වැනි අයිතමය ලෙස සභාගත කිරීමට නියමිතය. ඉකුත් වසරේ නොවැම්බර් මස 09 වැනි දා සිට 19 වැනි දා දක්වා දින දහයක කාලයක් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිමින් රැස්කළ තොරතුරු මත පදනම්ව මෙම වාර්තාව සකස් කර තිබේ.

අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමට අදාළ පනත ගෙනඒමට ක්‍රියා කිරීම පිළිබඳව මෙම වාර්තාව ඔස්සේ විශේෂ ඇගැයීමක් කර ඇති අතර ජාත්‍යන්තර ප්‍රජාව සමග එක්වී කටයුතු කිරීමට මෙරට රජය කැමැත්ත පළකිරීම ද ඇගැයීමකට ලක්කර තිබේ.

මෙරට සිටින සිවිල් සංවිධාන, මානව අයිතීන් ආරක්ෂා කිරීමේ ආයතනවල සහ ක්‍රියාකාරිත්වය ද මෙහි දී ඇගැයීමකට ලක් කර ඇති අතර අගතියට පත් පාර්ශ්වයන් සමග කතිකාවක් ඇති කිරීමට කටයුතු කළ යුතු බව ද පෙන්වා දී ඇත.

නුවන් සේනාරත්න – රිවිර

Related posts

මංකිපොක්ස් ගැන දැනුම්දීමක්

Admin

එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බළකාය උතුරට යයි. දමිළ ජනතාව ඥානසාර හිමි පිළිගනී

colombotoday

වස-විස නැති ගොවිතැන් කතාත් අහවර වල ලකුණු.. අධිවිෂ ග්ලයිෆොසෙට් තහනම ලිහිල් කරන්න යයි

colombotoday

දඹුල්ල ආර්ථිකයට වාහන ඇතුළත් කිරීමේදී අයකළ ගාස්තු අහෝසියි

colombotoday

IS සහායකයෝ 702ක් ලංකාවේ.. ඉන්දීය රාජ්‍ය බුද්ධි අංශයෙන් තොරතුරු

colombotoday

ආනයනික පළමු සහල් තොගය හෙට මෙරටට. – සියට අඩුවෙන් දෙනවා. ඇමති බන්දුල කියයි.

colombotoday