Colombo Today Local News

“මයිලෝ“ පාසල්වල විකිණීම නීති විරෝධීයි.. පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය අධිකරණයට

milo3332015/35 දරණ අධ්‍යපන අමාත්‍යාංශ චක්‍රලේඛණයේ පාසල් ආපනශාලා සදහා ලබාදී ඇති උපදෙස් සංග්‍රහයට අනවු, පාසල් ආපනශාලා තුළ චොකලට් පානයන් අලෙවිකල නොහැකි බව පාරිභෝගිකයන් සුරැකීමේ සංවිධානයේ සභාපති රන්ජිත් විතානගේ මහතා පවසනවා.

මෙරට නීතියට අනුව “මයිලෝ” සමාගම විසින් ඔවුන්ගේ නිෂ්පාදනය වන මයිලෝ කිරි පානය පාසල් ආපන ශාලා තුළ අලෙවිකිරිම සිදුකල නොහැකි බව පෙන්වා දෙන විතානගේ මහතා උක්ත නිතිය උල්ළංඝනය කරමින් අදාල නිෂ්පාදනය නීති විරෝධී ලෙස පාසල් ආපන ශාලා තුල අලෙවිකිරිම නවතන ලෙස සහ අදාල නීතිය යටතේ පාසල් ක්‍රීඩා උත්සව සදහා අනුග්‍රාකත්වය ලබාදීමට හැකියාවක් “මයිලෝ” සමාගම සතුව නොමැති බැවින් වහාම එම කටයුතු නවතා දමන ලෙස එම සමාගමෙන් ලිඛිතව ඉල්ලා ඇත.

ඉදිරියෙදි ඒ පිලිබදව අධ්‍යාපන අමාත්‍යවරයා දැනවුත් කිරිමට සැළසුම් කර ඇති බවත් අදාළ සමාගමට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහා කටයුතු කරන බවත් රන්ජිත් විතානගේ මහතා පැවසීය.

අදාළ චක්‍රලේඛණය

scool-canteenscool-canteen2

Related posts

එජාපයට කැමති වාර්තාවක් හදාගන්න ඉඩදී හදුන්නෙත්ති COPE සභාපතිකමෙන් ඉවත්වෙයි

colombotoday

සජිත් පැරදුනේ රනිල් නිසා

Admin

කාබනික පොහොර ලෙස චීනේ නාගරික කසල ශ්‍රී ලංකාවට | දිලිත් ජයවීරත් කාර්ය සාධක බලකායට

colombotoday

අනුරට හරි සජිත්ට හරි දුන්නොත්ලබන වසරේ සිට නැවත පෝළිම්

Admin

බසයක් පෙරලී 5කට තුවාල

Admin

ගාල්ලේදී සගවා තිබූ හමුදා ඇඳුම් 456 ක් සොයාගනී

colombotoday