Colombo Today Local News

“ගුටි කෑ ශ්‍රී ලංකා තානාපති ඔත්තුකරුවෙක්.. වහාම මැලේසියාවෙන් පිටුවහල් කරනු” – වයිකෝ

viko235

පසුගියදා පහරකෑමට ලක්වූ මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඊබ්‍රහීම් අන්සාර්, රාජ්‍යතාන්ත්‍රික භූමිකාවෙන් ඔබ්බට ගොස් ඔත්තුකරුවෙකු ලෙස කටයුතු කරමින් ඇතැයි චෝදනා කරන ඉන්දීය ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් පක්ෂයේ මහ ලේකම් වයිකෝ වහාම ඔහු ශ්‍රී ලංකාවට කැදවිය යුතු බව පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැලේසියානු සංචාරයේ දී ඊට විරෝධය පෑ දෙමළ ජාතිකයන් එල්. ටී. ටී. ඊ. හිතවාදීන් ලෙස හඳුන්වා දීමට මැලේසියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස්වරයා කටයුතු කර තිබෙනවා යැයිද පවසන වයිකෝ, ඊබ්‍රහිම් අන්සාර් කඩිනමින් ශ්‍රී ලංකාවට කැදවා ඒ වෙනුවට වෙනත් කොමසාරිස්වරයෙකු පත් කළයුතු බවද ප්‍රකාශ කරයි.

මේ අතර ප්‍රකාශයක් නිකුත් කරමින් මැලේසියාවේ පීනෑන්ග් ප්‍රාන්තයේ නියෝජ්‍ය මහඇමති ලෙස කටයුතු කරන ජී. රාමසාමි, ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා වහාම මැලේසියාවෙන් පිටුවහල් කළ යුතු බව අවධාරණය කර තිබෙනවා. ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌වරයා විසින් එරට සිටින දෙමළ ජනයා සහ ආණ්‌ඩුව අතර අර්බුද ඇති කරන බවයි. තවද ඔහු පවසන්නේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌වරයා ගුවන්තොටුපළේදී දෙමළ තරුණයන්ට තර්ජනය කල නිසා ඔවුන්ගේ ප‍්‍රහාරයට ලක්ව ඇති බවය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එරටදී කෙරුණු උද්ඝෝෂණ සහ සෙන්ටූල් බෞද්ධ විහාරස්ථානයට එල්ල කෙරුණු ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ දැඩි ඊළාම්වාදියෙකු වන පීනෑන්ග් ප්‍රාන්ත නියෝජ්‍ය මහඇමති ජී. රාමසාමි බවට මේවන විට අනාවරණය වී තිබෙනවා.

මැලේසියාවේ කොටි හිතවාදීන් ඇවිලවූ ජී. රාමසාමි සමග වයිකෝ

 

Related posts

මාස 3ක් යන්න කලින් මේ ආණ්ඩුව පෙරළනවා

colombotoday

සංශෝධිත යෝජනාව අද මානව හිමිකම් කවුන්සිලයට

colombotoday

සයිටම් තීන්දුව ක්‍රියාත්මක නොකළොත් වෛද්‍ය සභාවට හිරේ යන්න වෙයි – රාජිත

colombotoday

දෙමළ ජාතික සන්ධාන ශිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රිට එරෙහිව වව්නියාවේ විරෝධයක්

colombotoday

දිවයින පුරා තැපැල් සේවකයින් අදත් සංකේත වැඩවර්ජනයක..

Admin

හිටපු නගරාධිපතිගේ නිවසට නිරුවතින් ආ පුද්ගලයෙකුගෙන් ප්‍රහාරයක්

Admin