Colombo Today Local News

“කාදිනල්ට වැරදිලා.. මේ බහු ආගමික රටක්.. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය එපා“ – ඔස්වල්ඩ් ෆර්ත්

oswald-prt22

යෝජිත නව ව්‍යවස්ථාව තුළින් ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් වශයෙන් නොව බහු ආගමික රාජ්‍යයක් ලෙස නම් කිරීම සුදුසු බව සමාජයීය සහ සාමයික කෙන්ද්‍රයේ ඔස්වල්ඩ් ෆර්ත් පූජකවරයා පවසන බව බී.බී.සී. ලෝක සේවය කියයි.

නව ව්‍යවස්ථාව සැකසීමේදී බුදු දහමට ව්‍යවස්ථාව තුළින් ලබාදී ඇති අයිතිය එලෙසින්ම සුරැකිය යුතු බවට කාදිනල් මැල්කම් රංජිත් පියතුමා විසින් සිදු කරන ලද ප්‍රකාශයට පිළිතුරු වශයෙන් ෆර්ත් පූජකවරයා මෙසේ පවසා ඇත.

ශ්‍රී ලංකා රාජ්‍යය බුද්ධාගම පෝෂණය කර ආරක්ෂා කිරීමට බැඳී සිටින බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වැනි වගන්තිය නව ව්‍යවස්ථාවටත් ඇතුලත් විය යුතු යයි මැල්කම් රංජිත් කාදිනල්වරයා පසුගියදා කළ ප්‍රකාශයට දැඩි විරෝධය පළකරමින් ෆර්ත් පූජකවරයා ඇතුළු කතෝලික ප්‍රජා නායකයන් 99 දෙනකුගේ අත්සනින් නිවේදනයක්ද නිකුත් කර තිබුණු බවද බී.බී.සී.ය කියයි.

බහු ආගමික, බහු සංස්කෘතික පරිසරයක් ඇති රටක් තුළ එක් ආගමකට පමණක් ප්‍රමුඛත්වයක් ලබා දීම වර්තමාන සමාජයට නොගැළපෙන්නේ යැයිද පූජකවරයා පැවසූ බවද බී.බී.සී.ය වැඩිදුරටත් කියයි.

Related posts

නීතිපති දෙපාර්තමේන්තුව කනිෂ්ඨ නීතිඥවරකුට තර්ජනය කරලා.

colombotoday

ත්‍රිකුණාමලය තෙල් ටැංකි කළමනාකරණය : ලංකා අයි.ඕ.සී සමාගමටත් කොටස්

colombotoday

වාහන හා සුඛෝපභෝගී භාණ්ඩ භාවිතය සීමා කරන්න ඕන – රුපියල ගොඩගන්න හැටි මුදල් ඇමති කියයි

colombotoday

නඩු විභාගවලින් තොරව මිනී මරණ CIA අලුත්ම බිල්ල හම්සා බින් ලාඩන්

colombotoday

පෞද්ගලික විශ්වවිද්‍යාලවල සිසුන්ට රජයෙන් පොළී රහිත ණයක් ගන්න අයැදුම්පත්‍ර භාරදීමට අවස්ථාව

Admin

රෝහලෙන් හමු වූ අත්බෝම්බය හදන්න සහය වූ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday