Colombo Today Local News

මහින්දට එරෙහිව මැලේසියාව ගිනි තැබූ ප්‍රභාකරන්ගේ සගයාගේ වතගොත හෙළිවෙයි

ramasamy-23මේ වනවිට හිටපු ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂට එරෙහිව මැලේසියාවේ ගිනි ඇවිලූ ඊලම්වාදියා කවුදැයි අනාවරණය වී ඇත.

ඔහු වෙනින් කවුරුත් නොව ප්‍රභාකරන්ගේ සගයකුවූ මහාචාර්ය රාමසාමියි. මැලේසියාවේ ෆිනෑන් ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමැතිලෙස කටයුතු කරන්නේ රාමසාමියි. කොටි ක්‍රියාකාරකම් නිසා මැලේසියා විශ්වවිද්‍යාලය ඔහුව විශ්වවිද්‍යාලයෙන් නෙරපා දමා තිබුණි.කොටින්ට අන්තර් වාර පාලන කෙටුම්පත සකස්‌ කර දුන්නේ මහාචාර්ය රාමසාමිය.

මොහු ප්‍රකාශයක්‌ කරමින් ද්‍රවිඩ කාන්තාවන් හා ළමුන් විශාල පිරිසක්‌ මරාදැමීමට වගකිවයුතු රාජපක්‍ෂට මැලේසියාවට ඒම සඳහා ඉඩදීම වැරදි බවත් මැලේසියා රජය ද්‍රවිඩ ජනතාව ගැන සැලකීමක්‌ දක්‌වා නැහැ යයි කියමින් ඊලම්වාදීන් උසිගන්වනු ලැබීය.

මේ පසුබිම මැද මැලේසියාවේ එම් අයි සී තරුණ සංවිධානයේ ලේකම් අරවිනිද් ක්‍රිස්‌නන් නැමැති ඊලම්වාදියා නියෝජ්‍ය විදේශ ඇමැති දතුක්‌ඕමාර්ගේ පුද්ගලික ලේකම් වෙත සංදේශයක්‌ බාරදෙමින් පාර්ලිමේන්තු සමුළුවට සහභාගිවීම සඳහා මහින්ද රාජපක්‍ෂට ඉඩනොදෙන ලෙසත් ඔහුව මැලේසියාවට පැමිණීම ජීවිතාන්තය තෙක්‌ තහනම් කරන ලෙසත් ඉල්ලා ඇත. එහෙත් මැලේසියා රජය එම ඉල්ලීම ඉවත දමා තිබේ.

මෙම ඊලම්වාදීන් හිටපු ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරමින් කුවාලම්පූර් පොලිසිය වෙත සාවද්‍ය පැමිණිලි 400 ක්‌ ගොනුකරනු ලැබීය. එහෙත් මේ පැමිණිලි අසත්‍යබව මැලේසියා පොලිස්‌පති කාලිද් අබුබකර් පවසා ඇත.

Related posts

මුසලිම් ජනතාවගේ කඩ සාප්පු හා දේපළ සුරක්ෂිත කර දෙන්න – බදුර්දීන් ජනපතිගෙන් සහ අගමැතිගෙන් ඉල්ලයි

colombotoday

දූෂිතයෙක් සභාපති කරයි?

Admin

ජනපති මෛත්‍රී විදේශගත වෙයි…

colombotoday

විනිවිද පෙනෙන බෑග් එකක පොත් රැගෙන පාසල් එන්න – මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක්

colombotoday

වොක්ස්වැගන් ෆැක්ටරිය ජර්මනියේ හදල ඉවරයි.. ගෙනත් හයි කරන්න විතරයි තියන්නේ – ඇමති අකිල

colombotoday

හමුදා ‘කැමා‘ ඇන්දොත්, වික්කොත් මාස හයක් හිරේ.

colombotoday